හෝමාගම පිටිපනට කියන්නේ ප්‍රඥා බන්දු පුරවරය කියලයි
හෝමාගම පිටිපනට වර්තමානය වන විට ප්‍රඥා බන්දු පුරවරය යැයි හඳුන්වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදියෙකු යොමුකළ ප්‍රශ්නයක් වූයේ වර්තමානයේදී බොහෝ දෑ හෝමාගම පිටිපනට ලැබෙන බවයි.
හෝමාගම පිටිපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැතිවරණ ආසනයට අයත් ප්රදේශයකි.
ලංකාවේ ග්‍රාම සේවා වසම් 14020න් 'නත්ති ජාතස්ස අමරණං' යන ගාථාව අනුව ක්‍රියාත්මක වන එකම ග්‍රාම සේවා වසම වන්නේ හෝමාගම පිටිපන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ අනුව ඉදිරි මැතිවරණවලදි මනාපය වෙනුවෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳව මාධ්‍ය වේදීන් යොමුකළ ගැටලුවට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ තමන්ට එවැනි ගැටලුවක් නොමැති බවත් වැඩිම වුවහොත් තවත් වෙසක් පොහෝ දින 25ක් පමණ තමන් ජීවත් වෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
Silva Friday, 28 February 2020 09:26 PM
වෙසක් පොහෝ දින 25ක් වැඩියි 5 ක් ඇති ලොක්ක .. එක්කෝ හෙට උනත් කමක් නැහැ
Reply : 0 0
Devinda Uduwara Saturday, 29 February 2020 06:19 PM
Mr. Bandula Gunawardana, don't be a joker and jockey, please.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
