හරි නම් කුසල් මට නුවරදී කෑම වේලක් දෙන්න ඕන
ශ්‍රී ලංකාව හා කෙදෙව් කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් ලකුණු 2ක් රැස්කරගෙන සිටින විට තමන්ට ලබාදුන් උඩපන්දුවක් තමා අතින් ගිලිහී ගිය බව කොදෙව් නායක කිරන් පොලාඩ් පැවැසීය.
ඒ අනුව මහනුවරදී හරිනම් කුසල් මෙන්ඩිස් තමන්ට කෑම වේලක් දිය යුතුව ඇති බවත් පොලාඩ් පැවැසීය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී කුසල් තවදුරටත් පවසා සිටියේ පවසා සිටියේ ශ්‍රී ලංකාව නිවැරදි සැලසුමකට ක්‍රීඩා කළ බවත්, ඒ නිසා තරගය ජය ගැනීමට පහසු වූ බවත්ය.
"ලකුණු 346ක ඉලක්කයක් හඹා යනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. අඩුම තරමේ ලකුණු 300 සීමාවේදී හෝ අපට රඳවාගැනීමට හැකි වූවා නම් තරගයක් ලබා දෙන්න තිබුණා. ශ්‍රී ලංකාව ඔවුන්ගේ සැලසුම්වලට අනුව හොදින් ක්‍රීඩා කළා. ඒ නිසයි ඔවුන්ට තරගය ජයගන්න පහසු වුණේ."
දුර්වල පන්දු රැකීම ගැන අදහස් දැක්වූ කොදෙව් නායකයා,
"කොදෙව්වෝ සාමාන්‍යයෙන් හොදින් පන්දු රකිනවා. නමුත් පසුගිය තරගවලදී ඒ දේ හොඳින් කරන්න බැරි වුණා. ඒ නිසා ඉදිරියේදී ඒ දේවල් නිවැරදි කරගෙන තරගයට අවතීර්ණ වෙන්න, මමත් කණ්ඩායමත් කටයුතු කරනවා"
කුසල් හා අවිශ්කගේ ඉනිම් ගැන පොලාඩ් දැක්වූයේ මෙවන් අදහසක්,
"ඔවුන් දෙදෙනා හොදින් ක්‍රීඩා කළා. කෙසේ නමුත් මෙන්ඩිස් මට ගොඩක් ස්තූතිවන්ත විය යුතුයි ඔහුගේ ශතකය සම්බන්ධයෙන්. මොකද ඔහු ලකුණු දෙකක් ලබා සිටි වෙලාවේ ඔහුගේ උඩපන්දුවක් මගෙන් අත හැරුණා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා නුවර ගියාම මට රෑ කෑමක් ලැබෙයි කියලා" යනුවෙන් සිනහවෙන් පැවසීය.
"අවිශ්ක ගැන කථා කළොත්, ඔහු නැවතත් ඔහුගේ පිතිකරණය ඔප්පු කළා මෙම තරගයේදීත්. ඔහු පළමු තරගයේදී වගේ ගොඩක් කලබල වුණේ නෑ. ඒ වගේම ඔහු දන්නවා තමන්ගේ රටේදී ක්‍රීඩාංගණයක කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා. ඔවුන් (ශ්‍රී ලංකාව) අපට පෙන්වූවා කොහොමද පිතිකරණයේ යෙදිය යුත්තේ කියල" යැයි පොලාඩ් පැවසීය.

popular news
-
චන්දිම Saturday, 29 February 2020 08:48 AM
මේක තමයි ක්‍රීඩාවේ වැදගත්කම. පරාජයේදීත් සින්නහමුසු මුහුණින් එය විද දර ගැනීම. නමුත් එයින් ඉගෙනගත් පාඩම ඉදිරියේදී පාවිච්චි කරන්න ඕන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

