කැළණි CCTV කැඩූ සිසුන්ට වසර 2ක පන්ති තහනම් - CCTV නැවත සවිකරයි
කැළණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතිය ගැලවීමේ සිදුවීමට සම්බන්ධ උපාධි අපේක්ෂකයින් 25 දෙනාට වසර දෙකක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් CCTV කැමරා පද්ධතිය නැවත කඩිනමින් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් එම විශ්වවිද්‍යාල නිවේදනය කරයි.
මේ අතර 2017/2018 අධ්‍යය වර්ෂය 2020/02/29 දිනයෙන් අවසන් වන බැවින් එදින පෙ.ව. 8ට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍ර දේශයක් බවට පත්කර තිබේ.
එසේම පෙරවරු 8ට පෙර සියලුම සිසුන් නේවාසිකාගාරවලින්ද ඉවත් විය යුතු බවද පාලනාධිකාරිය දැනුම් දී තිබේ.
සති අන්ත පශ්චාද් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨාමාලා, සහතික පත්‍ර පාඨමාලා හා ඊට අදාළ සියලුම විභාග නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බවද පාලනාධිකාරිය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
