රජයේ විවිධ වැඩසටහන් වෙනුවෙන් තම ඡායාරූපය හෝ පණිවිඩ ප්‍රචාරය කිරිමට පෙර අගමැතිනිය වෙනුවෙන් අගමැති කාර්යාලයෙන්ද, ඇමති මණ්ඩලය වෙනුවෙන් ඒ ඒ අමාත්‍යාංශ වෙතින්ද අවසර ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.
Read Moreඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රි ලාංකිකයින් 36 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදිම අද දින (10/11) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.
Read Moreරජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කෙරුණු වාහන යම් ස්ථානයක වංචා සහගතව හෝ නීති විරෝධි ලෙස හෝ කොටස් කර සඟවා ඇත්නම් සහ අබලන් වීමට ඉඩහැර තිබේනම් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ශ්‍රි ලංකා පොලිසිය විසින් 1997 යන විශේෂ වූ දුරකථන අංකය හඳුන්වා දී තිබේ.
Read Moreසියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreආසනික් විෂ සහිත සැමන් තොගයක් ශ්‍රී ලංකාටට ගෙනවිත් තිබියදි සොයාගෙන තිබේ. ඔරුගෙඩවත්ත රේගු අංගනයේ කන්ටේනර් බහාලුමක තිබියදී මෙම සැමන් තොගය සොයාගෙන තිබේ.
Read Moreසියලු විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශනිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
Read Moreමේ හේතුවෙන් මේ ප්‍රදේශවල පදිංචි මහජනතාව හා ප්‍රදේශය හරහා ගමන්ගන්නා වාහන දැඩි සැලකිල්ලෙන් පදවනලෙස වාරිමාර්ග දෙපාර්ථමේනතුව වැඩිදුරටත් දන්වා සිටියි.
Read Moreඑළැඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ප්‍රවීණ නිලියක වන දමිතා අබේරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට නියමිතව තිබුණත් සමගි ජන බලවේගය රත්නපුරට භාරදුන් නාම යෝජනා තුළ ඇයගේ නම ඇතුළත්ව නොමැත.
Read Moreමේ අවස්ථාවේදී රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය විය. එබැවින් මෙම වෙනසට ඉඩ දී එම කෙටිකාලය මාගේ ඉංජිනේරු වෘත්තියට නැවත ප්‍රවිශ්ඨ වීමටත්, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය උපාධිය සම්පූර්ණ කිරීමට මෙන්ම පවුලේ අය සමඟ ගතකිරීමටත් භාවිතා කිරීමටද මම අදහස් කරමි.
Read Moreසමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරමින් සිටි තමන් අන්තිම මොහොතේ 11 දින අලුයම තීරණය වෙනස් කොට නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන රංජිත් අළුවිහාරේ මහතා 11 දින පෙරවරුවේ පැවසීය.
Read Moreමෙවර මහ මැතිවරණය සදහා තමා ඉදිරිපත් නොවන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකත්වයෙන්ද ඉල්ලා අස්වන බව මාතලේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි/හිටපු සමබ්න්ධීකරණ කමිටු සභාපති නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ සදහන් කර තිබේ.
Read Moreසෞදි අරාබියේ රියාද් නුවර බලා 10/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට , එම යානයේ ගුවන් නියමුවා විසින් පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
Read Moreවිවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී ඇත.
Read Moreප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති කාර් රථ 10ක්, කැබ් රථ 10ක්, ජීප් රථ 02ක්, යතුරුපැදි 02ක් සහ ලොරි රථයක් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.
Read Moreකන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (11දා) දහවල් 12ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreගොවි ජනතාවට අඩු මුදලට ලබාදීම සඳහා වසර හයකට පෙර ආනයනය කළ පොහොර තොගයක් හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළැයි කියන මෙරට පොහොර සමාගම් 05ක හා තැරැව්කාර ආයතන 08ක සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට ඊයේ (10) නියම කළේය.
Read Moreඅරුණ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරාට දුරකථනයෙන් එල්ල වී ඇතැයි කියන මරණ තර්ජන සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල (9 වැනිදා) පොලිසියට නියෝග කළේය.
Read Moreයුද හමුදාවේ 75වන සංවත්සරයට සමගාමීව, යුද හමුදා නිලධාරින් 139දෙනෙකුට සහ සෙසු නිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී තිබේ.
Read More2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොකිරීමට හා දේශපාලන කටයුතුවලින් සමු ගැනීමට තීරණය කළ බව සබරගමු පළාතේ හිටපු ආණ්ඩුකාර, එක්සත් ජාතික පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ගෑස් සිලින්ඩර ලකුණින් තරග කිරීමෙන් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට අසාධාරණයක් සිදුවන බවයි.
Read Moreග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විත්තිකරුවන් රුපියල් කෝටිය බැගින් වටිනා ඇපකරුවන්ගේ බැඳුම්කර මත විත්තිකරුවන් මුදාහැරීමටද අද (10දා) නියම කළේය.
Read Moreරාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
Read Moreදෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය
Read Moreනොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (10) පොරොන්දු වුහ.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇති බවත් 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4% ක් දක්වා ළඟා වනු ඇති බවත් ලෝක බැංකුව සඳහන් කරයි.
Read Moreහිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීමට තිරණය කර තිබේ.
Read Moreඑක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන කිසිවෙකු ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read More2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
Read More