රුපියල් කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ " රක්ත මාවත " ( Red Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු 05/15 දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් එක් අයෙකු කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි . අනෙක් පුද්ගලයා මහනුවර , රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංච් 46 හැවිරිදි අයෙකි . ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන්වේ .
මොවුන් දෙදෙනා 05/15 දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 700 ක් බර මෙම රත්තරන් තොගය , වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21 ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබැලි තුළ , ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කීපයක් ද සහවා ගෙන තිබුණි .
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා 05/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත මෙම ගුවන් මගීන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්තරන් තොගය භාර දී තිබේ .
