නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා විසින් කොළඹ මහාධිකරණ භූමියේදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙහිදී ඔහු සඳහන් කළේ රු කෝටි 30ක මුදලක් සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් හා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසයි.
"කෝටියක් විතර වියදම් කරල මාව තංගල්ලෙ තියාගෙන ඉන්නෙ ටිරාන් අලස්ට යි, දේශබන්දු තෙන්නකෝන්ට යි කෝටි 30ක් දුන්නෙ නැති එකට." යැයි හරක් කටා මෙහිදි පැවැසීය.
මෙම ආන්දෝලනාත්මක ප්රකාශ්ය ගැන විමර්ශනයක් සිදු කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කළ බව පොලිස් මූලස්ථිානය නිවේදනය කරයි.