පොලොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුවාට අයත් කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ සඟවා තිබ්යදි 15 වෙනිදා සවස සොයා ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
එම ලොරියෙ බාල පොහොර මිටි 80 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.
දෙසියයකට ආසන්න සංඛ්‍යාවක් එම ලොරියේ හොර පොහොර ගෙනවිත් ඇති අතර ඒවා 14 වෙනිද රාත්රියේදී ස්ථාන කිහිපයකට බෙදා හැරී ඇති බවද පොලිසිය කියයි.
දෙහිඅත්තකණ්ඩිය පොලිසියට ගොවියෙකුගෙන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
මනම්පිටිය නිමල් ජයරත්න
