අද (15දා) උදෑසන ඒ 09 මාර්ගයේ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් මැදවච්චිය - සංගිලි කනදරාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරකට පත්ව ඇත.
එම අනතුරුන් යතුරුපැදියේ පැදිකරු වූ බදුරළියේ ප්‍රදේශයේ පදිංචි ,විසි හතර හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව අති අතර පසුපස ගමන්ගත් තරුණය තුවාල ලබා ඇත.
මෙම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකා අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට වවුනියාව විශ්ව විද්‍යාලය බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
යතුරුපැදියේ පිටුපස ගමන් ගත් තරුණයා ද තුවාල ලබා මැදවච්චියේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරට හේතුව රියදුරුට නින්ද යන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
හොරෝව්පොතාන - සිඩ්නි රුවන් උබේපාලඋතුරු මැද
