කොත්මලේ ගැරඩි ඇල්ල ප්ර දේශයේදි 23 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු වූ ලංගම බස් රථය සම්බන්ධයෙන් සොයා බැලීමට මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පත් කල කමිටුවේ නිළධාරින් (15) දින කොත්මලේ පොලිසිය වෙත පැමිණ අනතුරට පත් බස් රථය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහතාර කොමසාරිස් (තාක්ෂණ) අරුණ බැසිලේගම මහතාගේ නායකත්වයෙන් යුත් මෙම කමිටුවට ප්ර්ධාන මෝටර් රථ පරික්ෂක ප්රබභාත් රාජදේව, නුවරඑලිය දිස්ත්රි්ක් මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා ඇතුලු නිළධාරින් 06 දෙනෙකු සහභාගි විය.
කතරගම ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිළධාරින්ගේද මහයෝගය ඇතිව අනතුරට පත් බස් රථය පණ ගන්වා බස් රථයේ තිරිංග පද්ධතිය රෝද සහ අනෙකුත් අමතර කොටස් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර මෙම විධිමත් පරික්ෂණය සිදු කරනු ලැබුවා.
නුවරඑලිය කොට්ටාශභාර නියෝජ්යම පොලිස්පති ප්රියයන්ත ද සිල්වා, නුවරඑලිය කොට්ටාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ යන මහතා, කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති ඇතුලු කාර්යමණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහතාර කොමසාරිස් (තාක්ෂණ) විසින් අනතුරට පත් බස් රථය සම්බන්ධයෙන් විධිම්ත පරික්ෂණයක් පවත්වනු ලැබුවා.
අනතුරට පත් බස් රථය සම්බන්ධයෙන් සිදු කල විධිමත් පරික්ෂණයෙන් පසු මාධ්යනට අදහස් දැක්වූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහතාර කොමසාරිස් (තාක්ෂණ) අරුණ බැසිලේගම මහතා කියා සිටියේ බස් රථ අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ෂණයක් නුවරඑලිය දිස්ත්රිඅක් මෝටර් රථ පරික්ෂකවරයා විසින් සිදු කිරිමෙන් පසු ඒ පිලිබදව විධිමත් පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා තමන් වෙත වගකීම් පැවරූවගයි.
ඒ අනුව අනතුර සම්බන්ධයෙන් විධිමත්ව සිදු කල පරික්ෂණ වාර්තාව ඉදිරියෙදි නුවරඑලිය මහේස්ත්රාතත් අධිකරණයටත්, මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයාටත්, පොලිසියටත් ලබා දෙන බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහතාර කොමසාරිස් (තාක්ෂණ) අරුණ බැසිලේගම මහතා කියා සිටියේ.
මෙම අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ෂණයක් සිදු කල නුවරඑලිය දිස්ත්රිතක් මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා බස් රථයේ රියදුරාට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවට නිගමනය කර තිබුණි.
එම පරික්ෂණ කණ්ඩායම බස් රථ අනතුර සිදු වූ ස්ථානයේද නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

