විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වන විට මහජන උපයෝගීතා කොමිෂමට යොමුකර තිබේ. මෙහිදී විදුලි ගාස්තු සියයට 18කින් පමණ ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
මේ වසරේ ජුනි සිට දෙසැම්බර් දක්වා වූ කාලසීමාවට අදාළව මෙම විදුලි ගාස්තු වැඩිකිරීම යෝජනා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ වන විටත් රජයට යෝජනා කර ඇත්තේ පිරිවැය ආවරණය වන විදුලි මිල ක්‍රමයක් නිර්මාණය කරන ලෙසයි. එසේ නොවුණ හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා ගැනීම ගැටලුවක් වෙනු ඇත.
ජනපතිවරයා විදුලි ගාස්තු වැඩිවන බවට රූපවාහිනී සංවාදයකදී මැතිවරණයට පෙරාතුව සඳහන් කළේය.
කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.
ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.