හෙද වෘත්තියේ යෙදෙන අයගෙන් 95% ක්ම කාන්තාවන් බැවින්සේවා ස්ථානය තුළදී හෙද වෘත්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය යුතුව තිබෙනබවඅග්රාමාත්යය ආචාර්ය හරිනී අමරසූරිය මෙණවියපවසයි.
ඔවුන් ලබන වැටුපට අමතරව රැකියාවේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බලපාන කරුණු ගණනාවක්හෙද වෘත්තිකයන්ටපවතින බවද පැවසීය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කර සිටියේ ජාත්‍යන්තර හෙද දින සැමරුම නිමිත්තෙන් සමස්ත ලංකා හෙද සංගමයේ මෙහෙයවීමෙන් අද (15)මහනුවර කරළිය සම්මන්ත්රණ ශාලාවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසීය.
"කොත්මලේ ගැරඬියල්ල බස් අනතුරින් තුවාල ලැබුවන් බලන්න මමත් ප්‍රවාහන ඇමතිවරයාත් ගම්පොළ හා පේරාදෙණිය රෝහල්වලට ගියා. ඒ අවස්ථාවේ මම දැක්කා හෙද සොහොයුරියන් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කරන කැපවීම.එය පුදුම සහගතයි එක් හෙද සොයුරියක් ප්‍රකාශ කළේ රාත්‍රී වැඩමුර දෙකක් එක දිගට කරනවා කියලා.තම පවුල් ගැනවත් හිතන්නේ නැතුව මේ අය රෝගීන් සුවපත් කරන්න කරන කැපවීමපුදුම සහගතයි.
හෙද සේවය සැලකීමේදී අනාරක්ෂිත බව තරමක් ඉහළයි. රාත්‍රී වැඩ යෙදෙනවා. ඒවාගේම පාළු තැන්වල වැඩ කරන්න සිදුවෙනවා. ප්‍රවාහන අපහසුතා තිබෙන තැන් තිබෙනවා. තමන්ට වඩා බලවත් අයට බලපෑමක් කරන්න හැකියාව තිබීම තවත් කාරණාවක්.මේවා ගැන අපවැඩිපුර කතා නොකළත් හෙද වෘත්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම අතිශයින්වැදගත්.
හෙද සොයුරු සොයුරියන් අඩු පහසුකම් මධ්‍යයේ සිදු කරන සේවාව පිළිබඳව අපි හොඳින් දන්නවා. මෙය කාන්තාවට පමණක් ආවේනික වෘත්තියක් නොවුනත්95 % ක්ම කාන්තාවන් වුණේ ඇයි කියන එක අප සොයාබැලිය යුතුයි. සාමාන්‍ය ජීවිතයේදීත් සුරැකීම කියන සංකල්පය මත පිහිටාකාන්තාව කටයුතු කරනවා. නිවසේදී වුනත් ඇය තමයි පවුලේ සුරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ මේ කරුණ හෙද සේවය කෙරෙහි කාන්තාවන්ගේ වැඩි ආකර්ෂණය දිනා ගැනීමට හේතුවක්" යැයි සිතන බවද අගමැතිවරිය පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍යහා ජනමාධ්‍ය අමාත්යනලින්ද ජයතිස්ස, ලෞකික හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ මහාචාර්ය දමයන්ති දසනායක, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවත්ත, අමරානන්ද ජයසේකර යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.