2025.05.05 වන දින ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ට මාර්ගයට හැරෙන හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ංශය මඟින් විමර්ශන සිදුකරමින් පවතී.
ඒ අනුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම අපරාධය සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු 2025.05.16 හෝමාගම පොලිස් වසමේ මාකුඹුර ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 45 ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක් සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
