saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 883 hours ago

LATEST

මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි

calendar_today 2025 මාර් 10 - 13:29 remove_red_eye - 1084  

අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ මහ පාර අයිනේ දමා ගිය මාස දෙකක් පමණ වයැසැති සිගිත්තෙක් අද(10) උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු (10) දින උදෑසන 8.30 සිට යලි යථාතත්වයට පත්කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read More

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහවා ගෙන පැමිණි විදේශීය තරුණියක් 03/09 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ගම් වැදී සිටි වන අලින් තබ්බෝව අභය භූමිය දක්වා පළවා හැරීමේ මෙහෙයුමක් ලබන 15 වැනිදා සිට අප්‍රියල් මස 10 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පුත්තලම දිසා ලේකම් සුනන්ද හේරත් මහතා සදහන් පැවසීය.

Read More

ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දා සිට ඔක්තෝබර් මස 30 දක්වා කාලසීමාවෙහිදී රුපියල් බිලියන 25.1 දක්වා 76% කින් අඩු වී ඇති බව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ අයවැය ආර්ථික හා මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවෙන් අනාවරණය වේ.

Read More

කොළඹ අලුත් කඩේ අංක 5 අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතනයට ලක් වූ පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ලෙස හඳුනාගෙන සිටින ඉෂාරා සෙව්වන්දි’ ඉන්දියාවට පලා නොගිය බවට විශ්වාස කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

Read More

නීතිඥ වෙස් ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව ඇසින් දුටු තවත් එක් ප්‍රබල සාක්ෂියක් වන එම අවස්ථාවේ අධිකරණයේ මූලාසනයේ සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන්ද ප්‍රකාශ ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

Read More

මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයෙ 9 රාත්‍රියේ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමේන් සිදුවු අනතුරීන් තිදෙනෙකු මරණයට පත්ව ඇතිබව මාදම්පේ පොලිසිය කියයි.

Read More

රුපියල් ලක්ෂ 14 කට අධික වටිනාකමකින් යුතු එළගවයන් පස් දෙනකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි දෙකක් , සටහන් නොකර නිසි විමර්ශනයක්ද සිදු නොකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාරම්මල පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්‌ථානය පවසයි.

Read More

මෝටර් රථයක් ඉදිරියට ධාවනය වී එයට යට වීමෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරියක් මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පුතු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වාර්ෂිකව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සංවිධානය කරන , ගුවන් ගමන මෙවර තායිලන්තයේ බැංකොක් නුවර බලා 03/08 දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි . ප්‍රධාන ගුවන් නියමුවා ඇතුලු සමස්ත ගුවන් යානා කාර්යය කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වීම මෙම ගුවන් ගමනෙහි විශේෂත්වයක් වී තිබුණි .

Read More

’’ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පොලිස්පතිවරයෙක් පොලීසියට බයේ හැංගිලා ඉන්නේ. තියෙන ආරංචි හැටියට පොලිස්පතිතුමා හැංගිලා ඉල්ලේ ලොකු දේශපාලඥයෙකුගේ ගෙදර. ශානි අබේසේකර මහතා දක්ෂයෙක්නේ එතුමා කොහොම හරි හොයා ගනීවි’’

Read More

කොට්ටව කොඹල සංරක්ෂිත වනාන්තරයේ අක්කර පනහකට ආසන්න භුම් ප්‍රමාණයක වන විනාශයක් පසුගිය කාලය තුල සිදුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවිර මහතා පවසයි.

Read More

පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වැලිකන්ද සුසිරිගම ප්‍රදේශයේ වෙළඳ සැලකට ඇතුළු වු විදේශික යුවලක් රුපියල් ලක්ෂ 3 වංචා සහගතව රැගෙන ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි .

Read More

ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානියේ මාදැලකට 7 සහ 8 දින දෙක තුළදී කිලෝ ග්‍රෑම් 50,000ක අධික ප්‍රමාණයකින් යුත් අම්ඹරුවන් හෙවත් පරව් මාලු තොගයක් හසුවිය.

Read More

නිවසේ වතුර හැලු බවට දොස් කියමින් තම සහෝදරයාට (අයියාට)කැත්තකින් කොටා ඝාතනය කිරිමක් සම්බන්ධව සැකකරු වන මල්ලි ඇලපාත පොලිසිය විසින්අත් අඩංගුවට ගෙන රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් මල්කාන්ති වැකුනගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

Read More

ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් , සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ යාපනය ප්‍රදේශයේ අන්තවාදී ආගමික ප්‍රචාරණ කටයුතු සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන 05/07 දින ආපසු පිටුවහල් කර තිබේ.

Read More

ඓතිහාසික මිහින්තලය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවය සදහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කල යුතු එහෙත් වසර දෙකක් පුරාවට නොකරපු මේ රාජ්‍ය පොසොන් උත්සවය, මෙවර රජය මැදිහත්වීමෙන් කටයුතු කරනවා කියන කාරණාව අහන්න ලැබීමත් සතුටක් බව මිහින්තලේ රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.

Read More

මෙම වසරේ ගෙවී ගිය දින 68ක කාලය තුළදී නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ කඳුකර කොටියන් හතර දෙනෙකු මිය ගොස් සිටියදී හමු වී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

Read More

පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථානමාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමෙ අනුමැතිය යටතේ මෙම ස්ථානමාරුවිම් ලබා දි තිබේ.

Read More

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්. අසංක මහතා එම කොට්ඨාසයේ සිට කැළණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට ස්ථාන මාරු කර තිබේත.

Read More

දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන්න - කාරක සභා සභාපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. තෙවන පාර්ශ්වීය රක්ෂණය (3rd party insurance) හරහා අදාළ රක්ෂණ මුදල් ලබාගැනීම සරල කරන්න - කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්.

Read More

මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අද දින (8) වැඩ භාර ගැනීම සිදු කරන ලදී.

Read More

මාතලේ මහනුවර 593 මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් 08දා උදෑසන සිට ආරම්භ කර තිබේ.

Read More

දැනට දිවයින පුරා පවතින වියළි කාලගුණ තත්ත්ව‌යේ වෙනසක් මාර්තු 10, 11දා දින්‍වලදි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් නැගෙනහිර හා ඌව පළාත් ඇතුවව දිවයින පුරා තැතින් තැන වැසි ඇතිවිය හැකි බව ඒම දෙපාර්තතමේන්තුව පවසයි.

Read More

අලි මිනිස් ගැටුමට තිරසර විද්‍යාත්මක විසඳුම් ඉක්මනින්ම ඉදිරිපත් කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මෙම ගැටළුව හා සම්බන්ධව මේ වන විට විවිධ ආයතන සහ පර්යෙෂකයන් විසින් නිර්මාණය නර ඇති නව නිර්මාණ සහ උපාය මාර්ගික අදහස් සමාලෝචනය කිරීම වෙනුවෙන් පැවති විශේෂ සාකච්ඡාවක දීය. මෙම සාකච්ඡාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගිත්වයෙන්

Read More

වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හල වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතාගේ වැඩ තහනම් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Read More

අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රින් සඳහා රජයෙන් ලබාදුන් වන්දි මුදල්වලට අමරතව රජයේ වියත්පුර නිවාස සංකිරණයෙන්ද නිවාස ලබාගෙන ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read More

නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ ආලේපන හා රූපලාවන්‍ය උපකරණ බෙදාහැරීමේ ව්‍යාපාර කටයුතු වලට අගතියක් වන අයුරින් විමර්ශන මෙහෙයවීම සම්බන්ධයෙන් ලබන 21 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (07) නොතීසී නිකුත් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.