ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් හා වීදි ළමුන් සඳහා රුපියල් 5000ක ජීවන වියදම් දිමනායක් ගෙවීමේ
වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025/06/16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
ඒ අනුව අර්ථ ලෙස නම්කර ඇති එකී වැඩසටහනේ ප්රතිලාභ ලබාදීම 2025 ජුලි මාසයේ සිට ආරම්භ කර තිබේ. අර්ථ වැඩසටහන සඳහා 2025 වසරට වෙන්ව ඇති රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන ප්‍රමාණය දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් යොදාගත හැකි වන අයුරින් 2025 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි එකී ප්‍රතිලාභය ලබා දීමටහැකියාව පවතින බව පෙනී ගොස් තිබේ.
ඒ අනුව අර්ථ වැඩසටහනේ ප්රතිලාභ හිමිගැන්වීම ආරම්භ වන දිනය ලෙස 2025-01-1 දින ලෙස සැලකීමටත් එදින සිට හිමි
හිඟප්රතිලාභ දරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.