අසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණ අද (23දා) පාකිස්ථානය සමගින් පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. ඔහු පසුගිය දින දෙකේදී මෙම අසනීප තත්වය හේතුවෙන් පුහුනුවීම් සඳහා පැමිණ නොමැති බවත්, මේ වන විට ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය තවදුරටත් දන්වා සිටියි.