තංගල්ල මත් කුඩු පටවා තිබූ ලොරි රථයේ හිමිකරු යයි කියන තරුණයෙකු අද (23) උදෑසන ඇල්පිටිය වල්ඹගලදී අත්අඩංගුවට ගත් බව ඇලපිටිය පොලීසිය කියයි.
සැකකාර තරුණයා විසිපස් හැවිරිදි ඇල්පිටිය වල්ඹගල ප්‍ර දේශයේම පදිංචි මත්ද්‍රව්‍ය ඇබ්බැහිවී ඇති අයෙක් බව ද පොලීසිය කියයි.
සැකකරුගේ නමට ලොරි රථයක් තිබුණද ඔහුගේ නිවසේ පාපැදියක්වත් නොතිබෙන අයෙක් බවද පොලීසිය කියයි
තමාට පිට රටකින් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව මත්ද්‍රව්‍ය භාවිත කර සිටියදි කොළඹ ගොස් යම් කඩදාසී වගයකට අත්සන් කළ බවත් තමාට ලොරි රථයක් නැති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී තිබේ.
සැකකරු අද (23)දහවල් තංගල්ල පොලීසියට භාරදීමට නියමිතව තිබිණ. ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා