දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වසරේදී රථවාහන ගමනය සඳහා විවෘත කෙරුණු අතර මේ දක්වා කිසිඳු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදුකර නොමැත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0 සිට කිලෝමීටර් 19 දක්වා අධිවේගි මාර්ග කොටස හා කිලෝ මීටර් 19 සිට කිලෝමීටර් 34 දක්වා අධිවේගී මාර්ග කොටස පැකේජ දෙකක් යටතේ කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ලැබ තිබේ.
ඒ අනුව කිලෝමීටර් 19ක මංතීරු 4කින් යුතු අධිවේගී මාර්ග ප්‍රමාණයක් ආවරණය වන කිලෝ මීටර් 0 සිට 19 දක්වා හානියට පත්වූ අධිවේගී මාර්ග කොටම දෙවැන පැකේජය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා දේශීය ලංසුකරුවන්ගෙන් කැඳවූ මිල ගණන් අනුව රු. මිලියන 1490.96ක අවම ලංසුව ඉදිරිපත් කළ M/s Access - WKK බද්ධ ව්‍යාපාරය වෙත පැවැරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.