ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අද (23දා) අප අතරින් සමු ගත්තේය. මිය යන විට 56 හැවිරිදි වියෙහි වූ පසුවූ උඩවෙල මහතා, ශ්‍රී ලාංකේය වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරයේදීද දස්කම් දක්වමින් රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ විශිෂ්ට කලාකරුවෙකි.
මිය යන විට මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු, වේදිකාවේදී 'ජූරිය', 'කැලණි පාලම', 'මෝදර මෝල' සහ 'මී හරක් සුද්දෙක් ඔබ අමතයි' වැනි වේදිකා නාට්‍ය සඳහා තම දායකත්වය දැක්වූ අතර පුංචි තිරයේදී 'අකුරු මැකී නෑ', 'අපර්ණා', 'බට්ටි', 'ඇත් කඳ ලිහිණි', 'ඉසුරු පවුර', 'කසී සලු', 'මොණරවිල', 'නිසල විල', 'සුදු හාමිනේ', 'සුවඳ පද්ම' ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකටම දායකත්වය දුන්නේය.
'නිසල විල', 'තාරකා මල්','ආසයි මං පියාඹන්න' වැනි නිර්මාණවලදී ඔහු තමන් දැක්වූ දක්ෂතාවලදී ඇගයීමට ලක්වූ අතර නලින් කලක් දේශපාලනයටද සම්බන්ධව සිටියේය. නලින් ප්‍රදීප් උඩවෙලගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පසුව දැනුම් දෙනු ලැබේ.
මාලන් විදානපතිරණ