ශ්රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිිසීමට ඇති ඉඩකඩ අහුරමින් පාකිස්තානය හා ශ්රී ලංකාව තර පැවැති තරගයෙන් පාකිස්තානය කඩුලු පහක ජයක් වාර්තා කිරිමට සමත්විය.
ඒ අනුව සුපිරි හතර දෙනාගේ වටයේ තමන් මුහුණ දුන් තරග දෙකම පරාජයට පත්ව ඇති ශ්රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට වැඩි ඉඩක් පවතී.
ශ්රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ ඉන්දීය කණ්ඩායම සමගින් පැවත්වීමට නියමිත තරගය වෙයි. ඉන්දීය කණ්ඩායම තවදුරටත් තරගාවලියේ අපරාජිතව සිටියි. බංග්ලාදේශය හා පාකිස්තානය තරග එක බැගින් ජයගෙන සිටියි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 133ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18කදී කඩුලු 5ක් වැයකර ලකුණු 138ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.
