ඇමෙරිකා ක්‍රිකට් ආයතනය (USAC) තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අඟහරුවාදා පැවති රැස්වීමකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.
ක්‍රිකට් ආයතනය අත්හිටුවීමට කටයුතු කළත් පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්්‍යන්තර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට හෝ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට බාධාවක් ඇති නොවේ.
ජූලි මාසයේ පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී, "නිදහස් හා සාධාරණ නිලවරණයක්" පැවැත්වීමට සහ "පුළුල්" පාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට USAC හට මාස තුනක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය ලබාදී තිබියදී මාස දෙකක් ගතවන විට මෙම තහනම පනවා තිබේ.
ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත පදනම්ව සුදුසු යැයි සැලකෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ අයිතිය තමන් සතු බව ICC ය පවසයි.