බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිලිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගිවීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ,නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා 24 වැනිදා අළුයම (බදාදා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
2025 සැප්තැම්බර් 26 වන දින මෙම සමාලෝචන රැස්වීම පැවැත්වෙන අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජිනිවාහි නිත්‍ය නියෝජිත කාර්යාලයේ උසස් නිලධාරින් මේ සඳහා සහභාගිවීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව 2016 සිට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ සම්මුතියේ පාර්ශවකරුවෙකි.