ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ (23) දින පැවති රැස්වීමේ දී මුදල් ප්රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය ක තිබේ. .
ඒ අනුව එක්දින ප්රතිපත්ති අනුපාතය (OPR) වත්මන් මට්ටමේ එනම් 7.75% හි පවත්වා ගැනීමට මෙහිදී තීරණය කර තිබේ. දේශීය හා ගෝලීය වර්ධනයන් හොඳින් සලකා බැලීමෙන් පසුව මණ්ඩලය මෙම තීරණයට එළඹුණ බව මහ බැංකුව නිවේදනය කරයි.
වත්මන් මුදල් ප්රතිපත්ති ස්ථාවරය උද්ධමනය 5% ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.