ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කදිරා නැමැති හස්තියාා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම හස්තියාගේ සහායක හස්ති පාලකවරයා බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි.
ඊයේ (22) රාත්‍රියේ මෙම පහරදීම සිදුවී ඇතිි අතර එම හස්තියාගේ ප්‍රධාන හස්ති පාලකවරයා නොමැති අවස්ථාවක සහායක හස්ති පාලකවරයා හස්තියාට ආහාර ලබාදීමට යාමේදී මෙම පහරදීම සිදුව තිබේ.
අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් බරපතල තත්ත්වයෙන් සිටින එම 22 හැවිරිදි සහායක හස්ති පාලකවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහල වෙත මාරුකර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හස්තියා සුප්‍රසිද්ධ ආයුර්වේද වෙද හිමිනමක් වශයෙන් සිටි පූජ්‍ය අලුත්නුවර අනෝමදස්සි කෙරමිණියේ නායක හිමියන් විසින් 1986 වසරේ දී ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද හස්තියකි.
මාවනැල්ල කෙරමිණිය විහාරස්ථානයේ බැඳ සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බව මාවනැල්ල පොලිසිය කියයි.