saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6411 hours ago

LATEST

නිරෝධායන ඇඳිරි නීතිය දිර්ඝ කරනවාද නැද්ද තිරණය හෙට

calendar_today 2021 සැප් 16 - 17:38 remove_red_eye - 339  

දැනට රටපුරා ක්‍රියාත්මක වෙන විදිහට පනවලා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සියළු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළත් , කිසි විටෙකත් රටේ ස්වාධීනත්වයට හානි වන ක්‍රියාමාර්ග නොගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියළු දෙනාටම සහතික කරන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක, කිංස්ලි රත්නායක මහතා පවසයි.

Read More

අනුරාධපුර බන්ධනාගාරය තුළදී පසුගියදා ඇතිවූ සිද්ධියට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් අද (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ.

Read More

අනුරාධපුර බන්ධනාගාරය වෙත හෙලිකොප්ටරයකින් ගොස් බලහත්කාරයෙන් ඇතුළු වී සිරකරුවන්ට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා අතිශය සාපරාධී බවත් එම අතිශය සාපරාධී චෝදනා නීතියේ ආධිපත්‍ය වෙත බරපතල තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අනුරාධපුර ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ දෙකහමාරක් පාරිභෝගික අධිකාරිය සොයා ගත්තා.

Read More

සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගැනීමට සූදානම් බව වර්ජනයේ නිරත ගුරු- විදුහල්පති වෘත්තීය සංගම්වල නියෝජිතයින් පවසා සිටියි. ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වූ බවත් මේ වන තෙක් අයදුම්පත් භාරදී නොමැති පාසල් සඳහා අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළ විකල්ප ක්‍රියාමාර්ග මොනවාදැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රශ්න කර සිටියේය‍.

Read More

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එන්නත් දෙකම ලබා ගෙන ඇත්නම්, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේනම් ඔවුනට කඩිනමින් නිවෙස් කරා යාමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක් සිදු නොවේ.

Read More

සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කරනවා.

Read More

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

Read More

කාබනික පොහොර නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරමින් මහවැලි ඩී කලාපයේ ගොවීන් කාබනික පොහොර ටොන් 5000 ක් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.

Read More

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරලට රුකුල් දීමට හා කාන්තා ව්‍යවසායකයන් වෙත සහාය ලබාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක (ආසන්න වශයෙන් රු මි 8000) ණයක් ලබාදී තිබේ.

Read More

මේ වන විට දෛනිකව හමුවන 2300 ක ප්‍රමාණයද සෞඛ්‍ය පද්ධතියට බරක් බවත් තවදුරටත් මෙය අඩු විය යුතු බවත් නියෙෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් මර්දන එන්නත්කරණය පිළිබද විශේෂ තාක්ෂණික කමිටුව අද පාසල් දරුවන් එන්නත්කරණය ඇතළු විශේෂ තිරණ රැසකට එළඹිමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ අන්වර් හම්දානි මහතා පැවසීය.

Read More

දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් පූර්ණ කැපවීමක් හෝ හිතාමතාම ක්‍රීඩාංගණයේ දුර්වල ක්‍රීඩා විලාශයක් දැක්වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

තවාන්කරුවන් වෙතින් පැල මිලදි ගෙන ඒවා ගෙවතු වගාවල රෝපණය සඳහා නොමිලේ බෙදාහැරිමට පරිසර අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Read More

GSP Plus සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ලේකම්වරයා පවසා සිටියි.

Read More

සංචාරක කාර්මාන්තය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නොකරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ඉල්ලිමක් ඉල්යි.

Read More

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ 2021 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකාව සියයට 8ක ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇති බවයි. එය පසුගිය වසරේ එම කාලසීමාව හා සලකා බැලීමේදී සියයට 12.3ක වර්ධනයක් බවද ඔහු පෙන්වා දෙයි.

Read More

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිතුමාගේ ප්‍රශ්නයේදී ජනවරමෙන් පත්වුණු ජනපති ජනතා කැමැත්ත ඇති තීරණයක් ගනීවී යයි අපේක්ෂා කරන බවත් ජිනීවා මානව හිමිකම් සමුළුව යන අවස්ථාවේදී උණු උණුවේම මේ ප්‍රශ්නය එළියට ඒම එතරම් හොද දෙයක් නොවන බව තමන් විශ්වාස කරන බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා අද (16දා) කීවේය.

Read More

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මෙම මස 14 වන දින ඔරුගොඩ වත්තේ RCT බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලදි.

Read More

[LONG READS] එක්සත් ජනපදය විසින් පසුකාලීනව ත්‍රස්තවාදීන් ලෙස වර්ගීකරණය කොට පහරදීමට පටන් ගත් පිරිස මුල් කාලයේදී නඩත්තු කරනු ලැබුවේ එක්සත් ජනපදය විසින්මය.එක්සත් ජනපද රහස් ඔත්තු සේවය වන සී.අයි.ඒ. විසින් සුළි කුණාටුව නමින් නම් කරනු ලැබූ මෙහෙයුම ඔස්සේ මුජහිදීන් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදුන්නේය.

Read More

“ මගේ නමත් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. මම මේ ගැන කිසිවක් දන්නේ නෑ. මම හිටියෙත් නෑ. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා සමග සම්බන්ධ නෑ ඒ වගේම ඔහු ගැන මම දන්නෙත් නෑ”

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් එක්ලක්ෂ දහතුන්දහස් දහතුන්දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය සිදු කර තිබේ.

Read More

මෙවර IPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පැමිණීමේ අවස්ථාව හිමි වනු ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව සියයට 50 ක ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ හා අවට සිදුවන භූ කම්පන මැනීමට පස්වන භූ කම්පන මධ්‍යස්ථානය බස්නාහිර පළාත තුළ ස්ථාපිත කිරීමට මූලික කටයුතු යොදා ති​බේ. විශාල මුදලක් මේ සඳහා වැය කරන අතර දැනටමත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ගාල්ල නෙළුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදිමට තැත් කිරිම හා ඔහුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ 1 - 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රැකියාවල නිරතවන පුද්ගලයින් සඳහා නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් අද (15) ආරම්භ කර තිබේ.

Read More

අද (16) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 231කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.