සංචාරකයින් 82,327ක්, වැඩිම පිරිස රුසියාවෙන්
මෙම වසරේ පළමු මාසය තුළ සංචාරකයින් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනවාරි 01 වෙනිදා සිට 31 වෙනිදා දක්වා කාලය තුළ දෛනිකව 2000 – 3000 ත් අතර සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 05 වෙනිදායි. එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 3,371 කි.
රුසියානු සමූහාණ්ඩුවෙන් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 13,478 ක් වන අතර ඉන්දියාවෙන් 11,751 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. යුක්රේනයෙන් 7,774 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් 7,442 දෙනෙකු පැමිණ තිබේ. ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින, කසකස්ථානය යන රටවල් ජනවාරි මාසයේ දි මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණි සෙසු රටවල් වේ.
popular news
-
Kumar Tuesday, 01 February 2022 04:33 PM
Ukerainayen sancharakayo nathiwata rusiyawen onatharam sucharakayo innay.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

