කොළඹ කුරුණෑගල ප්රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී අද(01දා) බස් රථයක් ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර බේරුවල චීනකොටුව කන්ගනන්ගොඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙක් හා ත්රිරෝද රථයේ රියදුරුවරයා බව පොලිසිය කියයි.
අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය කරන අතර තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී කුරුණෑගල සිට කළුතර දක්වා ධාවනය වෙමින් තිබුණු ත්රිරෝද රථයක් රියදුරුට නින්ද යාමෙන් ප්රතිවිරුද්ධ මංතීරුවට ඇදී ගොස් බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බවත් පොලිසිය කියයි.
අනතුර සිදු වන අවස්ථාවේදී ත්රිරෝද රථයේ වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙක් සමග හය දෙනෙක් සිට ඇති බවත් පස් දෙනාම බරපතල තුවාල ලබා සිටියදී වරකාපොළ මුලික රෝහලට ඇතුල් කර ඇති බවත් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී වයස අවුරුදු 10 ක පිරිමි දරුවා සමග ත්රිරෝද රථයේ රියදුරුවරයා මිය ගොස් සිටි බවත් සෙසු තුවාලකරුවන් සිිිව් දෙදෙනා වැඩිදුරටත් ප්රතිකාර සදහා කෑගල්ල මහ රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී,ඒ ධර්මරත්න, උප පොලිස් පරීක්ෂක ජේ,ඒ,ජී ජයසිංහ, පොලිස් සැරයන් පුෂ්ප කුමාර (6452) නිලධාරීන් විමර්ශන කටයුතු සිද කරනු ලබයි.
කෑගල්ල චමින්ද ජයලත්