රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වෙයි
අනුරාධපුර පුත්තලම ඒ 12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේ දී අද (01දා) සිදු වූ රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වෙයි. තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස අපවත්ව ඇත්තේ, අංක 706, පලුගස්වැව, පෙරිමියන්කුලම, අනුරාධපුර ලිපිනයේ ධම්ම සරණී ආරාමයේ වැඩ වාසය කළ, කෑගල්ලේ සුනේත්රාන්ජලී (49) නැමැති සිල්මාතාවක් බව පොලීසිය පැවසීය.
ත්‍රීරෝද රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බවත් අනතුරින් ත්‍රිරෝද රථය පදවා ගෙන ගිය කාන්තාව බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
සිල් මාතාව ගමන් කළ ත්‍රීරෝද රථය පණ්ඩුලගම පිහිටි, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් නැවත පොතානේගම දෙසට යන අතරතුර එම මාර්ගයේ 71 වෙනි කිලෝමීටර කණුව ආසන්නයේදී, පොතානේගම සිට පණ්ඩුලගම දෙසට පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මොටර් රථයේ රියැදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, අත්අඩංගුවට ගැනුන සැකකාර රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලීසිය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

