හොරණ කොළඹ මාර්ගයේ කුඹුක හන්දියේදී අද(01දා) පෙරවරුවේ ඇඟලුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ටිපර් රථ රියදුරු ඇතුළු 13 දෙනකු තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
ටිපර් රියදුරු ටිපර් රථයේ රියදුරු අසුනේ සිරවී සිටීමෙන් අනතුරුව ප්රදේශවාසීන් දැඩි පරිශ්රමයක් දරා පිටතට ගෙන රෝහල් ගත කර තිබූ බව පොලිසිය සඳහන් කරයි
බුලත්සිංහල ප්රදේශයේ සිට ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පනස් දෙනකු පමණ කහතුඩුව දක්වා ප්රවාහනය කරමින් සිටියදී කුඹුක හන්දියේ දී විරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක් මැද දූපත හරහා බස්රථයට කඩා වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
මේ හේතුවෙන් හොරණ කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් පැය එකහමාරකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි
තුවාල ලද රියදුරු1990 සුවසැරිය ගිලන් තත්ත්වයට හොරණ මූලික රෝහල වෙත යොමු කිරීමට එම ස්ථානයට එක්රැස් උපදෙස වාසින් විසින් කටයුතු කෙරිණි. තුවාල ලද ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් එහි ප්රකාශකයෙක් පැවසීය
ටිපර් රථ රියදුරු ගේ අපරික්ෂාකාරි රිය ධාවනය හෝ නින්දයාම අනතුරට හේතුව වන්නට ඇතැයි සැක කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
මොරගහහෙන පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නලින් සංජිව මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් ,උප පොලිස් පරීක්ෂක යු ජි කරුණාරත්න මහත්වරු පරීක්ෂණ පවත්වයි.

