රුසියාව හා යුක්රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණියත් සාකච්ඡා ධනාත්මක බව රුසියානු ජනපති හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
කලා වැව දක්වා ජලය ගලා බසිනා තම්මන් ඇලේ ජලය දඹුල්ල නගරයේදී දැඩි දූෂණයකට ලක්ව ඇති බව දඹුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක යොහාන් අබේවික්‍රම මහතා පැවසීය.
Read Moreමොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ (පොතුවිල් මාර්ගයේ) වැලියාය ඉන්ධන පිරවුම් හල ආසන්නයේදී (16) වෙනිදා උදෑසන 06.10 ලංගම බස් රථයක් සහ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් ලංගම බස් රථයේ රියැදුරු මිය ගොස් බස් රථ දෙකේම සිටි මගීන් 21 දෙනෙකු තුවාල ලබා ඇත.
Read Moreඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX – 25) සඳහා සහභාගී වීම සඳහා, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) 1000 ක් සවිබල ගන්වමින් ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා, ඵලදායිතාව සහ අපනයන හැකියාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නවෝත්පාදනමය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Read Moreවිනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද ( 15) සිය සහතිකය සටහන් කළේය.
Read Moreකතරගම වන්දනාවේ ගොස් ආපසු බදුල්ල බලා එමින් සිටි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 12 කනුව ප්‍රදේශයේ දී ඊයේ (14) පස්වරුවේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් එකම පවුලේ මව, පියා, දරුවන් පස්දෙනෙකු සහ මෝටර් රථයේ රියදුරු තුවාල ලබා බණ්ඩාරවෙල , දියතලාව , බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අප්‍රේල් මස පස් වැනිදා විවෘත කළ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භ කිරීමටත් මත්තෙන් එහි රුපියල් අසූ හතර ලක්ෂ නව දහසකට අධික මුදලක් ගෙවීම් පැහැර හැරීම නිසා විදුලිය විසන්ධි කොට ඇති බව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් 15 දින අවරණය කර ගන්නා ලදී.
Read Moreමහනුවර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (15) පෙරවරු අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreකටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂකයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී ගිනි අවි, ජීව උණ්ඩ හා තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලිස් මූලස්ථානය කියයි. පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
Read Moreනානුඔය දුම්රිය ස්ථානය පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිව නවීකරණය කඩිනම් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
Read Moreබදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ වංගුව අසල දී අද (15) උදෑසන වන්දනා බස් රථයක් මාර්ගය අසල නවතා තිබු ලොරියක ගැටීමෙන් දසදෙනකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව බදුල්ල පොලිසිය පවසයි.
Read Moreඅතහැර දමා ඇති හා නවීකරණයට ලක් කළ යුතුව තිබෙන උතුරු පළාත තුළ ඇති ආර්ථික මධ්‍යස්ථාන සහ සමූපකාර ව්‍යාපාරය අලුත් වැඩියා කර කඩිනමින් ප්‍රයෝජනයට ගැනීමට වෙළෙඳ,වාණජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreමෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 82 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. පෙරේදා (13) රාත්‍රී විනාඩි 20 ක් තුළ හංවැල්ලේ සහ මීගොඩදී වෙඩි තැබීම් දෙකක් සිදුව ඇත. මේ වන විට පුද්ගලයන් 44 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 48 දෙනෙකු තුවාල ලබා ඇත.
Read Moreවසර තුනකට වඩා කාලයක් සේවයෙන් ඉවත් කර තිබු නන්දිමිත්ර ටග් යාත්‍රාව අලුත් වැඩියා කටයුතු සිදුකර යළි සේවයට එක් කිරිම |අද(14) සිදුවු බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය. සදහන් කරයි
Read Moreඅනුරාධපුරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් රුපියල් කෝටි 9ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි..
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවැසුහ. ඒ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Read Moreනුවරඑලිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ ලංගම බස් රථයේ එන්ජිමට යූරියා පොහොර දැමූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑලිය හයිෆොරස්ට් පොලිසිය මගින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.
Read Moreඋපතින් පසු පළමු පැය තුළ මව්කිරි දීම කඩිනමින් ආරම්භ කිරීම, පළමු මාස හය තුළ දී මව්කිරි පමණක්ම ලබා දීම, වයසට නිසි අමතර ආහාර සමග ළදරුවාට අවුරුදු 2 ක් හෝ වැඩි කාලයක් මව්කිරි දීම, මව්කිරි දීමේ ජාතික නිර්දේශ වේ.
Read Moreසූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.
Read Moreහෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ ළඟ තබාගත් හිමිනමක් ඇතුළු සැකකරුවෙකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් 2025 අගෝස්තු මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2025 අගෝස්තු මස 15 දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 140ට අධික අල්ලස් ලබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreඑමෙන්ම, ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා, සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත වෙදමුල්ල මහතා, සීමාසහිත හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීර් ඩී. සමරසිංහ මහතා සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජයතිස්ස අනත්ත පතිරණගේ මහතා යන මහත්වරුන්ගේ පත්වීම්ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.
Read Moreමීට පෙර මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ගේ නිල වාහනයේ ධාවනය මසකට කි.මි.5000ක් වුවත් වත්මන් නගරාධිපති ධුරයට පත්වීමෙන් පසුවෙන් ජුලි මාසයේදී ධාවනය කර ඇති කිලෝමිටර් ප්‍රමාණය කි.මි.274 ක් බව මාතලේ මහ නගර සභාව පවසයි.
Read Moreගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයට ලඳ තොරතුරකට අනුව ගැටලාව ගම්මානයේ පිහිටි ගැටලාව වැවෙන් T56 වර්ගයේ ජීව උණ්ඩ 5038 ක් සොයාගැනීමට හැකිවූ බව ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි.
Read Moreඉතාලියේ ලැම්පෙදුසා දූපතට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී සංක්‍රමණිකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 10කට වාඩ අතුරුදහන්ව ඇති බව ඉතාලි වෙරළාරක්ෂක සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය පැවසීය.
Read Moreහඳුනා නොගත් මත්කරල් 600 ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරෝයින් සමග පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreමාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ වන අලියා 13 දින පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ බව වනජීවී නිලධාරීහු පවසති.
Read Moreදැනට ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ඉන්දියාවේ ලුණු පැකැට් සදහා මෙරට ඇසුරුම් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොළඹ වරායේ දින 45 ක් තිස්සේ සිර වී ඇති ලුණු බහාලුම් 400 කඩිනමින් නිදහස් කර දෙන ලෙස රජයෙන් ඉල්ලා ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකවරුන්ගේ සංගමය විසින් ඊයේ රාත්‍රී 07.00 ට ප්රවෘත්ති සාකච්ඡාවක් කටුනායක හෝටලයකදී පැවැත්වීය.
Read More