saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 734 hours ago

LATEST

ඊශ්‍රායෙල් හෝටල් රැකියා දොර ලංකාවට ඇරෙයි

calendar_today 2025 අප්‍රේ 08 - 14:59 remove_red_eye - 256  

ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.ඒ අනුව හෝටල් ගෘහපාලනය සම්බන්ධ රැකියා සඳහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට තරුණ තරුණියන් 103 දෙනෙකු ඇතුළත් වූ අතර ඔවුන් ඊයේ (07) ඊ

දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය (08) දින උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේ විවාදයේදී අද(08දා) අදහස් පළ කිරීමේදී සජීවී විකාශය කථානායකවරයාගේ නියෝගය පරිදි අත්හිටුවීමට කටයුතු කළේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Read More

ඇතිමලේ පොලිස් වසමට අයත් විලඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකයි මාස හයක් වයසැති සිඟිත්තියක් (07) වෙනිදා හදිසියේ මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.

Read More

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කො

Read More

ඕස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා - ෆැසිපික් සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන 04/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම තරගාවලිය ආසියා - ෆැසිපික් කළාපයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ පමණ සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පවත්වා තිබුණි .

Read More

ගන්දරදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරි‍මේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ඊයේ (8) උදෑසන යථා තත්ත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .

Read More

බීමතින් සිටින පොලිස් නිලධාරින් ‍තමන්ට පහර දෙන බවටත් , තමා බීමතින් සිටින බවට ප්‍රකාශ කරමින් අත්අඩංගුවට ගැනීමට උතත්සාහ දරන බවටත්, පවසමින් පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත ලද සිදුවීමක් මෙම දිනවන සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ඇතැම් ප්‍රදේශවල මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ක් දක්වාත්, කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1,350ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100ක වාර්තාගත උපයා ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4200ක බදු ආදායමක් අපේක්ෂා කර තිබේ. කෙසේ වෙතත් එම ආදායම් ඉලක්කය අභිභවා යාමට සුරා බදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Read More

රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 04/07 දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ මහ නගරසභාව ඇතුළු ප්‍රාදේශිය සභා කිහිපයක මැතිවරණ පැවැත්වීම මැයි 16 වැනිදා තෙක් වළකාලමින් අභියහනාධිකරණය තහනම් නියෝගයක් අද (07) නිකුත් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21 763 170ක් බවට නවතම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව පවසයි. 2024 ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කළ සංගණනයෙන් මෙම තොරතුරු අණාවරණය වෙයි.

Read More

කොළඹ කොටස් හුවමාරුව අද දිනයේදී දැවැන්ත කඩා වැටීමකට ලක්විය. ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක -712ක් තරම් වූ ප්‍රමාණයකින් එනම් සියයට -4.64කින් කඩා වැටීමට ලක්විය.

Read More

එංගලන්ත සීමිත පන්දුවාර නව නායකයා ලෙස හැරී බෲක් පත් කර තිබේ.

Read More

ජාතික ජනබලවේගය නියෝජනය කළ, කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබේ.

Read More

අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම නැවත ගම්බිම් සිට කොළඹ බලා එන ජනතාව ඉලක්ක කර ගනිමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අමතර බස් සේවා හා දුම්රිය ගමන් සේවා ක්‍රියාත්මක කර තිබේ. අප්‍රේල් මස 09 දා සිට 21 දා තෙක් මෙම අමතර ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Read More

තවත් දින එකොළහකින් ආරම්භ වීමට නියමිතඅසිරිමත් සිරි දළදා දැක්ම සඳහා සෙංකඩගල පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් මේ වන විට කඩිනමින් සම්පාදනය කෙරෙමින් පවතී.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07දා) පැවැත්වේ.

Read More

තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු , 04/07 දින උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන එම මුදලින් කොටසක් ද සොයා ගෙන තිබේ .

Read More

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ සිදු කෙරිණි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

Read More

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.