රුපියල් බිලියන පහකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (1) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරටට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී එම ධීවර යාත්‍රාවේ හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ පස්වරුවේ ගාල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ධීවර යාත්‍රාව ද අද දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබීය.
එහිදී උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 350කට ආසනන් ප්‍රමාණයක් සොයා ගත් අතර, එම තොගයේ වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න වෙයි.