2025 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
උසස්පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් මස 5 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වීමට නියමිතය.