නුවරඑළියේ වහලයට පොල් අතු සෙවිලි කළ ගෙවල් 4051
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුළු පදිංචි නිවාස ඒකක එක්ලක්ෂ,අනුදෙදහස්,නමසියපහළොව අතුරින් (192,915) බිත්ති ඉදිකිරිම සදහා මැටි හා වරිච්චි යොදා ඇති නිවාස 1736ක් සහ වහලයට පොල් අතු තල් අතු ආදිය සෙවිලිකල නිවාස 4051ක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම මෙරට ඇති නිවාස ඒකක අතුරින් බිත්ති ඉදිකිරිම සදහා කළුගල් කැටගල් ප්‍රධාන ද්‍රව්‍ය ලෙස යොදා ඇති නිවාස ඒකක වැඩි ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බවද මෙම වාර්තාවේ සදහන් වේ. එය මුළු නිවාස ඒකක අතුරින් සියයට 14.7කි.
නිවාස වශයෙන් ගත්කළ එම සංඛ්‍යාව 28358කි. බිත්ති සදහා ලෑලි ටකරන් ඇස්බැස්ටෝස් යොදා ඇති නිවාස සංඛ්‍යාව 2122කි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කල සියයට 1.1කි. බිත්ති සදහා ඇලුමිනියම් මිශ්‍ර තහඩු යොදා ඇති නිවාස 192කි.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස වල වහලයන් සදහා ටකරන් යොදා ඇති නිවාස සංඛ්‍යාව 31059කි. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 16.1කි. නිවාසවල වහලයන් සදහා ඇලුමිනියම් මිශ්‍ර තහඩු යොදා ඇති නිවාස සංඛ්‍යාව 21220කි.
ජේ.කේ.එල්. චාමින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

