පුත්තලම පොලිස් වසමේ පුත්තලම අනුරාධපුරය මාර්ගයේ සිරම්බිඅඩිය ප්රදේශයේදී අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය කල තවත් ලොරි රථයක පිටුපස ගැටී එහි පිටුපස ගමන් කල කාන්තාවන් සිව්දෙනෙකු මාර්ගයට ඇද වැටීමෙන් ඊයේ රාත්රී කාලයේ අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාවන් සිව්දෙනා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමේදී එක් කාන්තාවක් මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 55 ක් වූ එරුක්කලම්පිට්ටි, මන්නාරම ප්රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.