පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්රියාත්මක වන පරිදි ඊයේ(01දා) විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ.
එහිදී පුද්ගලයන් 29,020ක් පරික්ෂාවට ලක් කළ බව පොලිසිය සඳහන් කළේය.
මෙම පරික්ෂා කිරීම් වලදී සැකපිට පුද්ගලයන් 687ක් අත්අඩංගුවට ගැනීම, අපරාධ සම්බන්ධයෙන් ඍජුව පුද්ගලයන් 21ක් හඳුනා ගැනීම, වරෙන්තුකරුවන් 254ක් අත්අංගුවට ගැනීම, විවෘත වරෙන්තුකරුවන් 150ක් අත්අඩංගුවට ගැනීම, බීමත් රියදුරන් 26ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් කළ පුද්ගලයන් 21ක් අත්අංගුවට ගෙන තිබේ.