saravita-anim2

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා

Latest News - timelapse 707 hours ago

LATEST

මන්නාරමට නව සුළං විදුලි බලාගාර දෙකක්

calendar_today 2025 ජුනි 09 - 12:17 remove_red_eye - 519  

අපේ රට පුනර්ජනනීය බලශක්ති විභවය ඉහලින්ම ඇති රටක්. ලෝකෙම අවධානය පුනර්ජනනීය බලශක්තියට යොමුවෙලා තියෙන, ඒ වගේම ලෝකයම පුනර්ජනනීය බලශක්තියට හැරෙන කාලයක සොබා දහම අපේ රටට තෑගි දීලා තියෙන හිරු එළිය, සුළඟ උපරිම අයුරින් භාවිතයට අරගෙන රටේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නට අපි කටයුතු කරනවා.

සිර දඩුවම් නියම වූ සැකකරුවෙක් ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ චෝදනාවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රැඳවියන් 600 කට පමණ රැදවීමට ප්‍රමාණවත් සිරමැදිරි තුල 1600 ට අධික ප්‍රමාණයක් රදවා සිටින බැවින් රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද මහත් අපහසුතාවයකට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද(09දා) යළි රැස්වීමට නියමිතව තිබේ.

Read More

සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල ඒකකයන්හි බොයිලේරු සඳහා අදාළ සැපයුම්කරු විසින් පිරිපහදු කළ දැවිතෙල් වෙනුවට නැව් සහ යන්ත්‍ර වලින් ඉවත්කරනු ලැබූ පිරිපහදු නොකළ කළුතෙල් සපයා තිබූ අතර ඒ වෙනුවෙන් සමාගම විසින් රුපියල් තිස්හතරකෝටි,දාසයලක්ෂ,අසූහත්දහස්,පන්සිය අසුදෙකක මුදලක් (341,687,582) සැපයුම්කරුට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

නිවාඩු නොලබා හමුදා සේවය හැර ගොස් සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 3103 දෙනකු ගතවූ මාස තුනක කාලයෙහි අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

එළවළු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2025) මුල් මාස තුනෙහිදී (ජනවාරි -මාර්තු) රුපියල් මිලියන 37,513 ක මුදලක් වැයවී ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

උතුරු මැද පලාත වෙනුවෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයක් අනුරාධපුර පොලිස් ස්ථානය තුළ අද (08) දින විවෘත කළේ ය. ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ හා වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read More

පැය 24ක සංකේත වැඩ වර්ජනයක් අද (09දා) උදෑසන 6:00 සිට සිදුකරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ත්‍රී රෝද රථයක් සිය යතුරුපැදියේ ගැටී අලාභානි සිදු වූයේ යැයි පවසා ත්‍රී රෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් 21,990 ක් මුදලක් බලෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු මට්ටක්කුලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බවත් එහිදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ රෝගය වැඩි වශයෙන් පවතින බවට නිරීක්‍ෂණය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල්පන්ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු ඉකුත් 4 වෙනි දින රාත්‍රී සොරකම් කර ඇති බවට සත්වෝද්‍යාන ආරක්‍ෂක නිලධාරීයකු විසින් පැමිණිල්ලක් කර ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය. .

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුළරිය අනතුරක් සිදුවූ සැණින් එම ස්ථානයට ළඟා විය හැකි වෛද්‍ය දැනුම සහ හෙද දැනුම ඇති ක්ෂණික විහිඳුම් බලකායක් නිර්මාණය කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී යෝජනා විය.

Read More

කොලොම්බියානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට රැළියකදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. මේ අනුව සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100කින් පමණ ඉහ‍ළ යනු ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.

Read More

ලේඛනගත නොකළ සංක්‍රමණිකයින්ට එරෙහි වැටලීම් හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි ඇතිව තිබෙන නොසන්සුන්තාවයට මුහුණ දීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක භටයින් 2,000 ක් කැඳවා තිබේ.

Read More

රේගුවෙන් නිදහස් කරනු ලැබූ බහාලුම් 323 සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළේය.

Read More

අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජාතික පොසොන් උත්සවයට සමගාමීව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500ක් පමණ සේවයේ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය නි‍වේදනය කරයි.

Read More

දිඹුලාගල ඇල්ලේවැව වැවෙහි 08 වෙනිදා උදෑසන 9.00 ට පමණ දියණෑමට ගිය මවක ,දියණියක්, සහ අඹුසැමි යුවළක්, ඇතුළු සිව්දෙනකු දියේ ගිලී මියගොස්, තවත් වයස අවුරුදු දාහතරක දියණියක් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බව අරලගංවිල පොලිසිය කියයි.

Read More

කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක තොග මිල ඊයේ (07දා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

Read More

අනුබුදු දහමින් ලොවම නිවේවා යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන 2333 වන පොසොන් පුණ්‍ය මහෝත්සවයට ලක්ෂ පහළොවක හෝ විස්සක පමණ සැදැහැවතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික පොසොන් කමිටුවේ සභාපති සහ අනුරාධපුර මහා දිසාපති රංජිත් විමලසූරිය මහතා සඳහන් කරයි.

Read More

පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා මාලාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්මික දෝශයකට ලක් වී ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබූ ගුවන් යානය 06/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වෙසක් පොහෝ දිනය වෙනුවෙන් ජනපති සමාව දුන් සිරකරුවන් 388කගේ ලැයිස්තුවේ අනුරාධපුරයේ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවෙක් වූ අතුල තිලකරත්න නැමැත්තාගේ නම ඇතුළත් නොවුණ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

යුක්රේනයේ දෙවන විශාලතම නගරයට රුසියානුවන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව කාර්කිව් නගරාධිපතිවරයා පවසා ඇති අතර, එමඟින් අවම වශයෙන් තිදෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇත.

Read More

මහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තනවා අවසන් කොට පිළිම වහන්සේ රංගිරි දඹුල්ල ජාතික පාසල් භූමියට වැඩම කරවීම 06 දින සිදු කෙරිණි

Read More

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට අද ( 07) පස්වරුවේ එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Read More

මෙවර අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත් විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.