නුවරඑළිය නානුඔය නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක මුළුතැන්ගෙහි ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබූ රෙගුලේටරයක් අද (01දා) උදැසන 8.30 ට පමණ ගැලවී ඉවතට විසි වී ඇති බව නානුඔය පොලීසිය පැවසිය.
කොතලාවල ආරක්ෂන විශ්ව විද්‍යාල පනත විරෝධතා වලට බිය නොවී සම්මත කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට කලබල වීමට අවශ්‍ය නොමැති බවත් හොරකම් නොකරන දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් ඒ සඳහා ආරාධනා කළහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි .
Read Moreනවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරණ අංශයේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත.
Read Moreකාන්තාවන් සඳහා බලතල සමිත වෙනම කොමිසමක් පත්කර ඒ හරහා කාන්තාවන්ගේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් සුරක්ෂා වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපසුගිය අවුරුදු 20 දිහා බලනකොට ක්රමානුකූල පාසල් රාශියක් වැසී ගිහින් තිබෙනවා. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පාසල් වැසීමට එකඟතාවයක් පළ කරන්නේ නෑ කියලා මම විශේෂයෙන් විපක්ෂයට කියන්න ඔ්නී. ඒ වගේම වසා දමපු පාසල් වල භූමි භාගයන්, ගොඩනැගිලි ප්‍රයෝජනයකට පරිවර්ථනය කර ගන්න ඔ්නී.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තුන්දෙනාට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
Read Moreප්‍රමිතියෙන් තොර ජෛව දියර පොහොර කූට ලෙස මිල ගණන් කැදවමින් විකුණන පුද්ගලයන් පිළිබඳ සොය බැලීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreදුරස්ථ අධ්‍යාපන ක්‍රමය තුළින් පාසල් සිසුන්ට මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විශාල ලෙස මුදල් වෙන් කිරීමක් සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර අද (01) කථානායකවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබේ.
Read Moreගෑස් ආශ්රිත අනතුරු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01) පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබේ.
Read Moreලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01වැනිදා සමරනු ලැබේ. HIV/AIDS පිළිබඳ දැනුම්වත් කිරීම, ආසාදිතයන්ට සහාය වීම, කොන් කිරීම් සහ වෙන් කොට සැලකීම් පිටුදැකීම මෙම දිනයේ අරමුණ වේ. HIV ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ලෝක ඒඩ්ස් දිනය ඉතා වැදගත් වේ. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන්නේ, ‘අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු. පරාජය කරමු’ යන්නයි. මෙවර තේමාව මගින් ලොව පුරා ඒඩ්ස් මෙන්ම අනෙකුත් වසංගත රෝග ඇති කරන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන ඇති අසමානතා අවසන් කිරීම
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන අනතුරු සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාව අද (01) උදෑසන රැස්වීමට නියමිතව තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
Read Moreවැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read More’’ඔමික්‍රෝන් සම්ප්‍රේෂණයේ ඇති බලපෑම, රෝගයේ බරපතලකම සහ පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත්වල ඵලදායීතාව පිළිබඳව අපට තවමත් පිළිතුරුවලට වඩා ප්‍රශ්න පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
Read Moreපයාගල පාලයන්ගොඩ ප්‍රදේශයේ එකම ගොඩනැගිල්ලක පිහිටා තිබෙන ගෑස් අලෙවිසැලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ඇතිවූ ගින්නෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලට රුපියල් ලක්ෂ ගණනාවක දේපල අලාභ සිදු වී ඇතැයි පයාගල පොලිසිය කියයි.
Read Moreහදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
Read Moreකොවිඩ්-19 වසංගතයට එරෙහිව තම ජාතිය වෙත වේගවත් සහ කාර්යක්ෂම එන්නත්කරණ ක්‍රියාවලියක් සිදුකළ රාජ්‍යක් ලෙසද චීනය පැසසුම් ලබයි.
Read Moreඑළඹෙන දෙසැම්බර් 03වැනිදා සිට 05වැනිදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත.
Read Moreශාලාවේ ධාරිතාවෙන් තුනෙන් එකක් ඒනම් පුද්ගලයන් 200 ඉක්මවා නොයන සංඛ්‍යාවකට විවාහ උත්සවයකට එක්වීමට අවස්ථාව දෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
Read Moreආසියාවේ මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව හොංකොං හි ක්ෂුද්‍ර ජීවි විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන පරිලෝකන යන්ත්‍ර 04ක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත ලබා දීම යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙයුම් ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read Moreපටු දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව ජනතාවට සේවයක් ලබා දීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පෙන්වීමට හොඳම උදාහරණය ’1990 සුවසැරිය’ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreනව ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන අතරතුර, G7 රාජ්‍යයන්ද ඔමික්‍රෝන් මත හදිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.
Read Moreදේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවේ පැවසීය .
Read Moreසෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව 2021-2022 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක , උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.
Read Moreරෝග නිවාරණ සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ සභාපති ඇන්ඩ්‍රියා අම්මොන් අතථ්‍ය සම්මන්ත්‍රණයකදී පැවසුවේ යුරෝපා සංගමයේ බලධාරීන් තවත් සැකසහිත ආසාදන සිද්ධීන් 6ක් විශ්ලේෂණය කරමින් සිටින බවයි.
Read More