ඖෂධ හිඟයක් ඇති විය හැකියි - සෞඛ්‍ය ඇමති
ඉදිරි මාස 03ක කාලයක් සඳහා ඖෂධ සැලකිය යුතු සංඛ්‍යාවක හිඟයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ණයවර ලිපි විවෘත කිරම ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවත්, ඒ අනුව ඇතැම් ඖෂධ මෙරටට ලැබීමට දින 90ක පමණ කාලයක් ගත වන බවත් අද (19දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඖෂධ හිඟයක් පවතින රෝහල් සඳහා ඖෂධ තිබෙන රෝහල් වලින් ඖෂධ නැවත බෙදා හැරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව සඳහන් කළ අමාත්‍ය චන්න ජයසුමන මහතා,
පෙබරවාරි මාසයේ 08 වැනිදාත් මේ සභාවට දැනුම් දුන්නා ඩොලර් ප්‍රශ්නයක් නිසා ඖෂධ ලබා ගැනීමේ පැහැදිලි ප්රශ්නය පැන නගිනවා සහ ඒ ප්රශ්නය දුරදිග යන්න පුලුවන් කියන කාරණය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ මම දිගින් දිගටම උත්සහ දැරුවා ණයවර ලිපි විවෘත කර ගැනීම සඳහා ප්‍රමුඛතාවක් ලබා ගන්න. නමුත් විවිධ හේතු නිසා ඖෂධ සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමේ දී ප්‍රමාදයක් ඇති වුණා. ඇතැම් ඖෂධ ජනවාරි මාසයේ පළවෙනි සතියේ ණයවර ලිපි විවෘත කර ගැනීමට තිබුණු ඖෂධ සඳහා අප්‍රේල් මාසයේ මුල් සතිය වනතෙක් බලාගෙන සිටින්න සිදු වුණා. මීට පෙරත් මම පිළිගත්තා එහෙම ප්‍රශ්නයක් තිබෙනවා කියලා. ඒත් මේ වන විට ණයවර ලිපි විවෘත කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපිට ලැබිලා තිබෙනවා ශ්‍රී ලංකා රජයෙනුත්, ලෝක බැංකුවෙනුත්, ආසියානු සංවර්ධන බැංකුවෙනුත්.
නමුත් එම ණයවර ලිපි විවෘත කර ගැනීමේදී ඇති වූ ප්‍රමාදය නිසා ඒවායේ ඖෂධ රටට පැමිණීමේදී ප්‍රමාදයක් ඇති වෙනවා. ඇතැම් ඖෂධ දින 90ක් දක්වා ප්‍රමාද වෙන්න පුලුවන් කමක් තිබෙනවා. ඒ නිසා ඉදිරියට එන මාස 03ක පමණ කාලයේදී ඖෂධ සැලකිය යුතු සංඛ්‍යාවක හිඟයක් ඇතිවෙන්න පුලුවන් කම තිබෙනවා. ඒත් එයින් ඇතිවන බලපෑම අවම කර ගැනීම සඳහා අපි හැකි උපරිම ආකාරයෙන් කටයුතු කරලා තිබෙනවා. අපි දිනක් ඇර දිනක් අමාත්‍යාංශයේදී සමාලෝචනයක් කරනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම ඖෂධ නැති රෝහල් වලට ඖෂධ තිබෙන රෝහල් වලින් ඖෂධ නැවත බෙදැ හැරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් යොදලා තිබෙනවා. ඒ වගේම රෝහලක යම් තැනක ඖෂධයක් නැතිනම් ඔසු දිරිය නමින් විශේෂ දුරකතන මාර්ගයක් අපි හදුන්වා දී තිබෙනවා වෛද්‍ය සැපයුම් ඒකකයට ඍජුව ඒ පිළිබඳ දැනුම්දීම සඳහා.* යනුවෙන් සඳහන් කළේය.
popular news
-
LGPJ Tuesday, 19 April 2022 05:56 PM
Do not harass innocent patients in our country .
Reply : 0 11
K. Ranaweera Wednesday, 20 April 2022 01:51 AM
Mahaloku Viyath Maga.
Reply : 0 0
LGPJ Wednesday, 20 April 2022 02:35 AM
Do not harass innocent patients in our country.
Reply : 0 71
අව්සදහාමි Wednesday, 20 April 2022 02:52 AM
එහෙනම් ඒකට සම්පූර්ණයෙන්ම වගකිවයුතු පුද්ගලයා තමා කියලා තේරුම් ගන්න බැරිද මහ ඇදුරෝ.නුඹට අමතකද නුඹ හිටපු අව්සද නියමක ඇමතියා කියලා .මේ කියන අඅවස්ථාක් ඇති වුනොත් තමා වගකිවයුතුය බළල්ලු ලවා කොස් ඇට බාවන්න සූදානම් නොවෙනු
Reply : 0 10
LGPJ Wednesday, 20 April 2022 04:02 PM
Please do not harass innocent patients in our country.
Reply : 0 23
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

