මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් හෙට (21දා) සහ අනිද්දා (22දා) දෙදින තුළ දිනකට පැය තුනයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට අද (20දා) දින අවසර ලබාදී තිබේ.
මේ අනුව හෙට (21දා) A සිට W දක්වා කලාපවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළදී පැය දෙකක කාලයක් විදුලි කප්පාදු කිරීම් සිදුවේ.
මෙම කලාපවලට සවස 5.00 සිට රාත්රී 9.00 දක්වා පැය එකයි විනාඩි විස්සක් විදුලි කප්පාදු කිරීම සිදුවන බවත්, අනිද්දා (22දා) දිනයේදීත් මේ ආකාරයටම දිනකට පැය තුනයි විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදු කිරීම් සිදුවන බවත් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.