රුපියල පා කර ආර්ථික අර්බුදය ඇති වීමට ප්රධාන හේතුව වූයේ නුසුදුසු උද්දච්ච පුද්ගලයෙකුයේ ඒකාධිපති තීරණයක් නිසා බව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා මහතා පැවසීය.
මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්ථාවක් අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර වර්ථමාන ආණ්ඩුට ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලීමක් කරන බවත්, එලෙස ඉල්ලා අස්වීමෙන් පසු තම කණ්ඩායමේ යෝජනාවට අනුව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු වීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළ අනුර ප්රියදර්ශන යාපා මහතා,
මුදල් කාරක සභාවේ වාර්ථාව ඉදිරිපත් කිරීමට පෙර පසුගිය දවසක අපි මුදල් පිළිබඳ මහ බැංකුව සහ මුදල් මණ්ඩලය අපි කැදෙව්වා. ඒ කැඳවීමේදී අපි ප්රශ්න කළා මේ රුපියල පා කිරීම කොහොමද වුණේ කියලා. මේක දැනගෙන හිටියේ නෑ කැබිනට් මණ්ඩලය. අද කිසිම දේකට මිලක් නියම කරන්න බැරිවෙලා තිබෙන්නේ අයි.එම්.එෆ් එකේ වාර්ථා වලට විරුද්ධව තනි පුද්ගලයෙක් ගත්ත ඒකාදිපති තීන්දුවක් නිසා. ඒ නිසා මේ වගකීම රජය භාර ගන්න ඕනී. ඇයි මේක කියන්නේ නැත්තේ? මම විශාවාස කරනවා අද මේ රටේ ආර්ථික ප්රශ්නයට බලපෑම තිබෙන්නේ මේ නුසුදුසු පුද්ගලයෝ පත් කිරීම. අපි එදා මෛත්රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවේ ඉද්දි අපේ යෝජනාවක් අනුව තමයි කුමාරස්වාමී මහතාව පත්කළේ.
කිසි දෙයක් නොදැන උද්දච්ච ලෙස එක් එක් නිලධාරීන්ට මේ ආණ්ඩුව වැඩ කරන්න ඉඩදීලා මේ ආණ්ඩුව අද සම්පූර්ණ විනාශ වෙලා තිබෙන්නේ. මම ඉල්ලන්න කැමතියි මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න කියලා. මේක ඇති දැන්. රටේ මිනිස්සු බය වෙලා. මිනිස්සු පාරේ. තවත් මොනවාද මේ කියන්නේ? කරැණාකරලා අපි යෝජනා කරලා තිබෙන විදියට අන්තර්වාර සභාවකට භාර දෙන්න. ඒ පැත්තට වඩා හොඳ මිනිස්සු මේ පැත්තේ ඉන්නවා. ඇත්ත කියන්නේ නැති බොරැ කියන හැමදාම රවට්ටන පුද්ගලයෝ එක්ක මේක කරන්න බෑ. රට තවදුරටත් අමාරුවේ දාන්න එපා යනුවෙන් සඳහන් කළේය.