පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලමින් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතාවිසින් අද (19දා) සවස3.30ට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් ආරම්භ කරන ලදි.
කලු පැහැති කොට කලිසමකින් පමණක් සැරසී තරමක විශාල කුරිසියක්ද රැගෙන මෙම පාගමනේ නිරතවන අතර, කටුවාපිටිය දේවස්ථානයේ පාලක මංජුල නිරෝෂන් පියතුමා විසින් දේව ආශිර්වාදය ලබාදීමෙන් අනතුරුව පාගමන ආරම්භ කරන ලදි.
තවත්දින දෙකක් ගමන්කර කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ලඟාවීමෙන් අනතුරුව මෙම පාගමන කොළඹ, ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගල භූමිය වෙත ලඟාවීමට සැලසුම්කර ඇත.
අද දින කටුනායක නතරවිමටත් හෙට දින වත්තල දක්වා සහ 21 දිනකොලඹට ලගාවීමටනියමිතය.
මිගමුව බර්ටි ඩයස්


