බණ්ඩාරගම පෞද්ගලික බස් රථ සේවකයන් සහ ත්රිරෝද රථ රියදුරන් බණ්ඩාරගම නගරයට පිවිසිමට තිබෙන මාර්ග හතරම බස්රථ සහ ත්රිරෝද රථ යොදා ගනිමින් වසා දැමීමට අද (19දා) කටයුතු කළේය.
ඒ හේතුවෙන් බණ්ඩාරගම කළුතර මාර්ගය,කැස්බෑව මාර්ගය, හොරණ මාර්ගය හා පානදුර මාර්ගයන් වලට පිවිසීමට නොහැකි ව වාහන රියදුරන් දැඩි අපහසුතාවයකට පත් වූහ
ඉන්ධන මිල ඉහළ යාම දරාගත නොහැකි බව පවසමින් පෞද්ගලික බස් රථ සේවකයන් සහ තීරෝද රථ රියදුරන් විරෝධතා පුවරු මාර්ග වසා දැමීමටරථවල ත්රීරෝද රථවල ප්රදර්ශනය කර සිය වීරෝධය දැක්වූහ.
මේ හේතුවෙන් විශේෂයෙන් පාසල් නිම වී නිවෙස් කරා යන සිසු දරු දැරියන් මෙන්ම ගුරුබවතුන් සහ දෙමාපියන් දැඩි අපහසුතාවයට පත් වූහ.
පානදුර සිට හොරණ බලා ගමන් ගත් බස් රථයක සිටි මවක් බස් රථයේ සිටින්නේ බහුතරයක් දෙනා පාසල් දරුවන් බැවින් බණ්ඩාරගම නගරය පසු කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙස විරෝධතා කරුවන්ගෙන් ආයාචනා කළ ද එයට ඉඩ ප්රස්තාව ලබා නොදිනි .
අනතුරුව එම මව රජයට ශාප කරමින් එම ස්ථානයෙන් පිට වූහ.


