ආහාර විෂවිමකින් කොග්ගල නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 327 දෙනෙකු ප්‍රථිකාර සදහා අද (20දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
මින් 16 දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.වමනය, බඩේ රුදාව, ඇගපත වේදනාව යන රෝග ලක්ෂණ හේතුවෙන් මෙකි ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් ප්‍රථිකාර සදහා රෝහල්ගතකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. ඇගලුම් කම්හල විසින් මෙකි සේවක සේවිකාවන් සදහා ඊයේ (19දා) දහවල් ලබාදුන් අහාර විෂවිමෙන් ඇතිවු අසාත්මිකතාවය නිසා වමනය බඩේ රුදාව, ඇගපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇතිවි තිබේ. අද (20) මෙම සේවක සේවිකාවන් ඇගලුම්කම්හලේ බස්රථ වලින් රැගෙන විත් රෝහල්ගතකොට ඇත.
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා සදහන් කළේ මෙකි ඇගලුම් කම්හලේ තවත් සේවක සේවිකාවන් 50 දෛනකු අහාර විෂවිම හේතුවෙන් හබරාදුව කළුගල රෝහල වෙත ඇතුලත් කිරිමට කටයුතු කළ බවය. ඇගලුම් කම්හල විසින් සේවක සේවිකාවන් සදහා ලබාදුන් ආහාර සාම්පල් හා ජල සාම්පල් පරික්ෂණ සදහා ලබාගෙන ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. දැනට ඇගලුම්කම්හල තුලින් ආහාර හා ජලය ලබාදිම නතර කිරිමට පියවරගෙන ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
රවින්ද්රශ්රිලාල් / චන්දන සමරවික්‍රම