saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6140 hours ago

LATEST

ඔමික්‍රොන් දකුණු අප්‍රිකාවේ එකක් නෙමෙයි

calendar_today 2021 නොවැ 30 - 18:32 remove_red_eye - 1211  

වර්තමානයේ කථාබහට ලක්වන “ඔමික්‍රෝන්” කොවිඩ් වෛරස ප්‍රභේදය සොයා ගැනීමට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් මුල්වුවද එහි ප්‍රභවය දකුණු අප්‍රිකාව නොවන බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මහතා පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 110 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරී සදහා 11/30 දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

Read More

1990 සුවසැරිය ගිලන්රථ සේව පිළිබඳ මුල් කාලයේ සැකයෙන් බැලුවද එම වැඩිපිළිවෙල සාර්ථක බවට ආණ්ඩුව පිළිගන්නා බව ඖෂද නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කමිටුවක් පත් කර තිබේ.

Read More

ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් Kandy Warriors කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ පෙරේරාට හිමිව තිබේ.

Read More

සිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ලබා සිටියි.

Read More

ඉදිරි මාස තුන තුළ ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් වූ අවශ්‍ය නීතිමය අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල සිදු කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

Read More

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (29) තේරි පත්විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර මහතා පත්කර ඇත.

Read More

ප්‍රශ්නයක් ඇතිවී තිබෙන අවස්ථාවක පිළිතුරුදීමට ඇමතිවරු නොමැතිවීම කණගාටුදායක තත්ත්වයක් බව කථානායකවරයා පවසා සිටියි

Read More

උත්සව සමයේ රට වසා දැමීමට සූදානමක් නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

අපි අපි දකින දෙයක් තමයි මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලනය බිඳ වැටිලා තිබෙනවා. සාමාන්‍යයෙන් ආයතනයන සාර්ථකත්වය තීරණය වන්නේ ඒ ආයතනයේ පරිපාලනය මත. අද බොහෝ රෝහල් වල පරිපාලනයේ බිඳ වැටීමක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ අදාල රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරියා පත් නොකිරීමේ ප්‍රශ්නය.

Read More

ඔමික්‍රෝන් කෝවිඩ් ප්‍රභේදය තිබෙන රටවල් වල සංචාරකයන් මෙරටට ඇතුලු කර ගැනීම පසුගිය 28 දා සිට නතර කර තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

Read More

LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.

Read More

ගෑස් අනතුරු පිළිබඳ ’’ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු කරන බව මොරටුව විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ඔමික්‍රොන් කෝවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණීම වැලැක්වීමට ගුවන්තොටුපල දැඩි කළමණාකරනයට පත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූෙය් ලකුණු 204 ක් පමණයි.

Read More

අද අපේ රටට ආනයනය කරන ඉන්ධනවලින් සියයට 71ක් යොදා ගන්නේ වාහන ධාවනය සඳහායි. කොළඹ නගරයේ වාහන ධාවන වේගය තදබදයක් ඇති වේලාවල දී දැනට වේගය පැයට කිලෝමීටර් 06ක් දක්වා අවම වී තිබෙනවා. මේ වනවිට රජය වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. යම් විදියකින් තවත් වාහන ආනයනය කළහොත් සමහර විට වාහනය එක තැන පැය ගණනක් නතර කර සිටීමට සිදුවේවි.

Read More

වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමටයි තීරණය කර ඇ​ත.

Read More

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ගණන 18ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

ජනාතාවගේ ප්‍රශ්න වලට පැළැස්තර විසදුම් වෙනුවට ස්ථිර විසදුම ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ස්ථිර විසදුම ඇතැම් විට රජයට වාසිදායක හා ජනප්‍රිය තීරණයක් නොවිය හැකි බවයි. ජනතාව වෙනුවෙන් ඇතැම්විට ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වන බව අවධාරණය කරන ඇමතිවරයා ජනතාව වෙනුවෙන් එවැනි තීන්දු ගැනීමට වත්මන් රජය පසුබට නොවන බව ද කියා සිටියි.

Read More

කොරෝනා වසංගතය නිසා මාස 6 පමණ කාලයක් නැවතුන කොළඹ- බදුල්ල දුම්රිය සේවය ඊයේ ආරම්භවූ අතර එම දුම්රියෙන් විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඊයේ (29) සවස ඇල්ල ට පැමිණියහ.

Read More

හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයකට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පූඩළු ඔය නියන්ගන්දර ප්‍ර දේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක වැසිකිලියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පමණ පසු ව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය පවසයි.

Read More

’’කොවිඩ්-19 පැතිරීම මඳක් අඩු කිරීම සඳහා සංචාරක සීමාවන් භූමිකාවක් ඉටු කළ හැකි නමුත් ජීවිත සහ ජීවනෝපායන් මත විශාල බරක් පටවනු ඇති’’ යැයි WHO හි අප්‍රිකාවේ කලාපීය අධ්‍යක්ෂිකාව කියයි.

Read More

’ඔමික්‍රෝන්’ ප්‍රභේදයට එරෙහිව කෝවිඩ් එන්නතින් කිසිදු සාර්ථකත්වයක් නොමැති බවට සහ ඒ අනුව මෙම අවස්ථාවේදී එන්නත ලබා ගැනීම තේරුමක් නොමැති බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය මතයන් වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා ප්‍රකාශ කළේය.

Read More

රාජ්‍ය හා පෞද්ගලික පොදු ප්‍රවාහන සේවයේදී අවම මඟීන් ගෙනයන තත්ත්වය වෙනුවට උපරිම මඟීන් රැගෙනයාමේ අතිශය කනගාටුදායක තත්ත්වයකට පත්ව ඇති බවත්, එසේ වුවහොත් නැවත නුදුරේදීම රට වසා අඩපණ කර යථාවත් කරගැනීමට සිදුවන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.