රඹුක්කනදී වෙඩි තැබීම සීදු කරනු ලැබුවේ උද්ඝෝෂකයන් පාලනය කළ හැකි සියලු පියවර ගැනීමෙන් පසුව බවත්, කෙසේ වෙතත් රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ සහ තමාගේ කණගාටුව පළ කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (20දා) අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම සිදුවීම විමර්ශනය කිරීම සඳහා අවිස්සාවේල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර තිබෙන බවත්, අදාල සිදුවීමේදී රඹුක්කන පොලීසිය කටයුතු කළ ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව රඹුක්කන සිදුවීම පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණකයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමන් ඉල්ලීමක් ද කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.