ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වැලිපර ආශ්රිත මුහුදු තීරයේ අද (20දා) සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 81ග්‍රෑම් 220ක පමණ තොගයක් , නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනය මඟින් අද (20දා) මන්නාරම වැලිපර ආශ්රිත මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරකදී වැලිපරයක තිබූ සැකකටයුතු ගෝනි උරයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී.
එහිදී එම ගෝනි උරයේ පාර්සල් 25 ක් ලෙස අසුරන ලද කේරළ ගංජා කිලෝ 81ග්‍රෑම් 220ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගත් අතර, නාවික හමුදා සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා සහිත ගෝනි උරය මෙසේ අතහැර දමා පලා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
තවද, මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදා භාරයේ රඳවා තබා ඇති අතර, එහි දළ වටිනාකම රුපියල් මිලියන 20කට අධික වෙතැයි විශ්වාස කෙරේ.


