saravita-anim2

2026 ජුනි මස 23 වන අඟහරුවාදා

2026 ජුනි මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6597 hours ago

LATEST

ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටි සිසුවිය ගින්නෙන් මරුට

calendar_today 2022 මැයි 03 - 12:07 remove_red_eye - 273  

යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ පිරාම්පිඩ්ඩු, පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ ගිනිගැනීමක් හේතුවෙන් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් ඊයේ (02දා) මිය ගොස් ඇතයි පොලීසිය පවසයි.

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේම විමර්ශනයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.

Read More

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් බිඳ වැටි ඇති බව විදුලි බල මණ්ඩලය විසින් දන්වා ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසදුම් ලබාදීම පිණිස ජනපති වරයාගේ සභාපතිත්වය යටතේ අග්‍රාමාත්‍යවරයා හා අනෙකුත් අදාළ අමාත්‍යවරුන් හා රාජජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම අනුකාරක සභාව පත්කරයි.

Read More

හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදි සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය ඉදිරිපත් කළ චෝදනාවලට තමන් හෝ තම පවුලේ අය සම්බන්ධ නොමැති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසිය.

Read More

දූෂිත ගණුදෙනු කිහිපයකට අදාළ ලිපිගොනු කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද ප්‍රසිද්ධ කළේය. කෙළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම ලිපිගොනු ප්‍රකාශයට පත් කළේය.

Read More

පසුගිය මාර්තු මාසයේදී මිය ගිය නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඉන්දීය ආනයන හා අපනයන බැංකුව මගින් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල්, ප්‍රෙට්‍රල් හා ජෙට් A1 ඉන්ධන මිලදී ගැනීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

අඩු ආදායම් ලාභීන්ට ඉදිරි මාස තුනක කාලයක් සඳහා දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ප්‍රතිලාභී පවුල් මිලියන 3.34කට මසකට රුපියල් 4455 බැගින් රුපියල් මිලියන 13364ක් වෙන් කිරීමට නියමිතය.

Read More

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් මෙම මස 06වැනිදා සිදුකරන හර්තාල් හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අනුව අනිද්දා (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක් දුම්රිය සේවකයන් සේවයෙන් ඉවත්වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

(LONG READS) වැඩවර්ජනයන් හරහා බෝහෝ විට සිදුවන්නේ, රටේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ අඩාළ වී යාමකි. එමගින් ඍජුවම මෙන්ම වක්‍රාකාරයෙන්ද රටේ සංවර්ධන ක්‍රියාවලියට මෙය බලපාන බව අපට හඳුනාගත හැකිය. වත්මනේ පවතින රජයට හා ජනාධිපතිවරයාගේ පාලන බලයේ ක්‍රියකාරීත්වය දැඩි විවේචනයට ලක් කරමින් උද්ඝෝෂණ මෙන්ම වැඩවර්ජනයන්ද රටේ සිදුකරන ආකාරය අපට දකින්නට අසන්නට ලැබෙන්නකි.

Read More

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියනක ණයෙන් මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක වටිනාකමකින් යුත් වානේ ආනයනය කර ඇති බව මුදල් අමාත්‍යාශය සඳහන් කරයි.

Read More

රුසියානු බැංකුවල ගිණුම් විවෘත කිරීමට සහ රටේ බදු අධිකාරිය සමග ලියාපදිංචි වීමට විදේශීය සමාගම්වලට පහසු වන පරිදි රුසියානු බදු නීතිය සංශෝධනය කර තිබේ.

Read More

ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ, ආහාර හා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ. මේ අපසහු අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනතාවට සහායවිමට මෙම ප්‍රදානය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

චීනය 2022 මැයි 1 වැනි දින නැගෙනහිර එරට ෂීජියෑන්ග් පළාතේ හැන්ග්ෂෝ හිදී ඔමික්‍රෝන් ප්‍රභේදවලට එරෙහිව අක්‍රිය කළ එන්නතක් සඳහා සායනික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

Read More

’’දැන් වෙනත් රටවල නායකයන් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ආපසු පිළිතුරු දෙන්නේ නැහැ’’ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියකු ලෙස චීනය , ශ්‍රී ලංකාවේ ස්ථාවරය ධනාත්මකව සලකා බැලීමට සහ හැකි ඉක්මනින් එකඟතාවයකට පැමිණීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ සහේල් කලාපයේ ත්‍රස්ත ප්‍රහාර දිගින් දිගටම වැඩිවෙමින් පවතින බවයි.

Read More

ඒ අනුව සුදු සහ රතු නාඩු කිලෝවක් රුපියල් 220ක් ලෙස, සුදු සහ රතු සම්බා කිලෝවක් රුපියල් 230ක් ලෙස හා කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260ක් ලෙස යනාදී ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

එක්සත් ජනපදය කියෙව්ට පොරොන්දු වූ හොවිට්සර් කාලතුවක්කුවලින් 80% ක් ලබා දී ඇති බව වොෂිංටනය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංගවලට විරුද්ධ නොමැති බවත්, නමුත් අගමැතිට එරෙහිව ගෙන එන විශ්වාසභංගයෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි කරගත යුතු බවත් එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මෙම සතියේ පාර්ලිමේන්තුව අනිද්දා (04දා) සිට එළඹෙන 06වැනිදා දක්වා දින 03ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

06 දා පැවැත්වීමට නියමිත හර් තාලය වෙනුවෙන් වෛද්‍ය නිළධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියළු කාර්යමණ්ඩල සාමාජිකයන් මැයි මස 6 වෙනිදා උදේ 7 සිට පැය 24ක වර්ජනයක් කිරීමට වෘත්තීය සමිති ඒකමතික තීන්දුවක් ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

ඉන්ධන ප්‍රමිතිය පිලිබඳ සැකයක් පවතින්නේනම් ඒ පිලිබඳව ඛණිජ තෙල් සංස්ථාවට දැනුම් දීම සඳහා දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

Read More

මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැට වලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මරමින් සිටීම හේතුවෙන් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් තීරණය කොට තිබේ .

Read More

කථික ලැයිස්තුවේ වරදක් තිබුණා. මට තේරුණා ඒක නායකතුමත් දැනගෙන හිටියා කියලා. කොහොමත් ඒක නිවරදි කළා. ඊට අමතරව වැරදි ගොඩක් එතන සිදුවුණා. පසුපෙළ මන්ත්‍රිවරු සමහර පිරිසක් ඒකට විරෝධය පාලා නැගිටලත් ගියා.

Read More

ශ්‍රී ලංකා සම්භවයක් ඇති පාපන්දු ක්‍රීඩිකා ජසින්ටා ගලබඩආරච්චි ස්කොට්ලන්ත PFA පාපන්දු සම්මාන උළෙලේදී වසරේ තරුණ ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ජසිින්ටා ලාංකික සම්භයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩිකාවකි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සමගාමිව ජනපති ලේක්ම් කාර්යාලය ඉදිරිපිට වේදිකාවක් ඉදිකිරීම වැළැක්විම සඳහා අද පෙරවරුවේ පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණි.

Read More

වත්මන් අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සංකල්පමය එකඟතාවකට පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.