යුක්රේනයට දුන් ඇමෙරිකානු අවි ආයුධ ප්‍රමාණය හෙළිවෙයි
පසුගිය මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්රේනයට පොරොන්දු වූ M777 හොවිට්සර් කාලතුවක්කුවලින් 80% ක් සහ මිලිමීටර් 155 පතොරම් වලින් අඩක් දැනටමත් ලබා දී ඇති බව ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කළේ තමන් සියලුම ප්‍රති-කාලතුවක්කු සහ ගුවන් නිරීක්ෂණ රේඩාර් මෙන්ම, ටැංකි නාශක මිසයිල 5,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති නමුත් තවමත් හෙලිකොප්ටර් ලබාදී නොමැති බවයි.
සඳුදා පෙන්ටගනයේ පැවති සාකච්ඡාවකින් මෙම සංඛ්‍යා පැමිණියේ නම් නොකළ ඇමෙරිකානු ආරක්ෂක නිලධාරියෙක් කියෙව් වෙත වොෂිංටනයේ හමුදා ආධාර පිළිබඳ නිල වාර්තාවක් වාර්තාකරුවන්ට ලබාදීමත් සමගිනි.
බයිඩන් මුලින් යුක්රේනයට හොවිට්සර් කාලතුවක්කු 18ක් පොරොන්දු වූ නමුත් පසුව තවත් 72ක් එකතු කළ අතර මිලිමීටර් 155 පතොරම් 140,000ක්, ප්‍රති-කාලතුවක්කු රේඩාර් 10ක්, ගුවන් නිරීක්ෂණ රේඩාර් 02ක්, M113 සන්නද්ධ වාහන 200ක්, හම්වී රථ 100 සහ Mi-17හෙලිකොප්ටර් 11ක් එකතු කළේය.
පෙන්ටගනයට අනුව, මිලිමීටර් 155 පතොරම්වලින් අඩක් දැනටමත් යුක්රේන අතේ ඇති අතර, තවත් වැඩි ප්‍රමාණයක් සෑම දිනකම යොමුකරමින් තිබේ. මෙම සැපයුම් ගුවන් මගින් පෝලන්තයට ගෙනැවිත්, එතැන් සිට අවි ආයුධ යුක්රේන දේශසීමාව හරහා මාර්ගයෙන් සහ දුම්රියෙන් රැගෙන යන බව වාර්තා වේ.


popular news
-
Kumar Tuesday, 03 May 2022 07:05 PM
ehka etharam rahasak novay. Saamadama rupawahiniye ukraineyata yavu deya penwanawa. amerkawe ABC, CBS, NBC CNN wagay saama nalikawakama visthara pawasana athara loku guwan yaanaawalata patawana hatith penwanawa. may masa nawavenida barimathaana rusiyawa ukeraineyata virudhdhawa hitler wagey yudha prakasha karana wagka merat nalika niwedanay karanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

