නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් බිඳ වැටි ඇති බව විදුලි බල මණ්ඩලය විසින් දන්වා ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
එම ජනන යන්ත්‍රය දින පහක් ඇතුළත නැවතත් පද්ධතියට එක්කරන බවට විදුලි බල මණ්ඩලය සඳහන් කර ඇති බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
මේ අනුව විදුලිය කැපීමේ කාලය දිගු නොකිරීම වෙනුවෙන් තාප විදුලි බලාගාර හා ජල විදුලිය නිපදවීම වැඩි කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.