හරීන්ගේ හැසිරීම ෆොන්සේකා හෙළා දකියි
සමගි ජන බලවේගයේ මැයි දින රැළියේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හා සරත් ෆොන්සේකා මහතා අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පැහැදිලි කිරීමක් කළේය.
“එතුමට (හරින් ප්‍රනාන්දු) තමයි එහි සංවිධාන කටයුතු භාර දී තිබුණේ. නමුත් එහි යම් යම් දේවල් සාධාරණ විදිහට නිවැරදි විදිහට කරලා තිබුණේ නෑ. ප්රතිරූප ගොඩ නගාගන්න කල්ලියක කිහිප දෙනෙක් එකතු වෙලා ඒ අයගේ ප්‍රතිරූපය හා නම ඉදිරියට ගෙනියන්න යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. මම ඒකට විරුද්ධ වුණා.විරුද්ධත්වය ප්‍රකාශ කළා.
එතකොට එතුමා ඉතාම අශීලාචාර විදිහට අසභ්‍ය වචන කියමින් එතන හැසිරුණා. එතුමට හිතන්න තිබුණා මහ ජනතාව ඉස්සරහා කථා කරන්න බැරි දේවල් මොනවද පුළුවන් දේවල් මොනද කියලා. මම කතා කරපු විදිහට වැදගත් විදිහට මට උත්තර දෙන්න තිබුණා.
එතුමාගේ අසීලාචාර කුපිත වෙලා කළ හැසිරීම අපි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. එතුමට මට කියන්න තියෙන්නේ ඒවා පුරුද්දට තියාගන්න එපා කියලා විතරයි.
කථික ලැයිස්තුවේ වරදක් තිබුණා. මට තේරුණා ඒක නායකතුමත් දැනගෙන හිටියා කියලා. කොහොමත් ඒක නිවරදි කළා. ඊට අමතරව වැරදි ගොඩක් එතන සිදුවුණා. පසුපෙළ මන්ත්‍රිවරු සමහර පිරිසක් ඒකට විරෝධය පාලා නැගිටලත් ගියා.
පක්ෂයේ දෙවැනියා හැටියට මට අයිතියක් යුතුකමක් තියෙනවා ඒවා ගැන කථා කරන්න. ඒවා දිගින් දිගටම කරන්න ගියොත් පක්ෂයේ සමගියට බාධාවක් වෙනවා. පක්ෂයේ දෙවැනියා ලෙස කථික ලැයිස්තුවේ මට ලැබිය යුතු තැනක් තියෙනවා.ඒක නොලැබුණාම මම කථාකරනවා.”
popular news
-
Hector Monday, 02 May 2022 01:02 PM
The mistake is yours Mr. Fonseka. You don't talk the mistakes that happen in the middle of a big croud. You should have brought this at today's meeting and discuss. Mistakes can only be rectified for future. You can't behave in a political party like in the Army. Please leave this for the younger generation and retire. This is what the 90% of Sri Lankans today requesting.
Reply : 0 0
අප්පුහාමි Monday, 02 May 2022 04:12 PM
රටේ ප්‍රබල ගැටලු තියෙද්දි උකුණු තල්ලක් තරමින් නොවටිනා කරුණක් මුල්කොට සභාපති හා ලේකම් සම්බන්ධ යෙන් ඔය තරම් පුම්බනවා නම් සේන මහතාගේ අනාවැකිය හරියාවි. ඕවත් ප්‍රශ්නද මිනිසුනේ උඹලා ඕන කුදයක් ගහ ගනිල්ලා අපි අනුරට සහාය දෙන්නම්
Reply : 0 0
Kumar Monday, 02 May 2022 04:25 PM
Fonseka mathmaya kiya kathawa aththa. prashnaya athivunanam eya puggalikawa visnda ganna oney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

